Colombo Today Local Newsfeatured

පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතුයි. | මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි.

මාලදිවයිනේ පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි.

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට මාලදිවයින සලකා බලමින් සිටින බව එරට රජය ඊයේ(15) ප්‍රකාශ කිරීමෙන් අනතරුව ඇය මෙම ප්‍රකාශය සිදුකර ඇත.

මාලදිවයින වෙත යාමට ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට ආරාධනා කිරීම මාලදිවයින රජය විසින් සලකා නොබැලීම පුදුමයට කරුණක් බව මෞමූන් පැවසීය.

“මාලදිවයිනේ පදිංචියට ගොස් ජීවත් වීමට ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතු යැයි මම සිතමි. අපේ රජය සහ ඊට අනුබද්ධ “ෂෙයික්වරු” එසේ නොකිරීම ගැන මම පුදුම වෙමි. අපේ ආගමට අනුව කොවිඩ් -19 රෝගීන්ගේ අවසන් චාරිත්‍ර පැවැත්වීමට මුස්ලිම් සුලුතරයේ කැමැත්තට ගරු කරන ලෙස මම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමි.”

මීට පෙර මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් කියා සිටියේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව මෙම ගැටළුව විසඳීමට උත්සාහ කිරීම හොඳ බවය.

මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රාහිම් මොහොමඩ් සොලිහ් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ ඉල්ලීම සලකා බලන බවයි.

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සඳහා මාලදිවයිනේ සහය පැතීම පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දී නොමැති බව කැබිනට් මණ්ඩලයේ සම ප්‍රකාශක කෙහෙලියා රම්බුක්වැල්ල මහතා ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Related posts

ස්ථාන හයක පිපිරීම්… මරණ 50 ඉක්මවයි…

colombotoday

සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්.

colombotoday

බස්නාහිරින් පිටව ගිය 454 දෙනෙකු සොයාගනී

colombotoday

බෝධිසත්වයෙකු වෙස් ගත් පුද්ගලයාට විදෙස් ගමන් තහනමක්

Admin

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday