Colombo Today Local News

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දෙන්න. ලිපියකට විපක්ෂ මන්ත්‍රීවරු 5කුත් අත්සන් තබයි.

මරණ දඬුවම නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබනු ලබන ලිපියට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු අත්සන් තබා ඇති බව තහවුරු වී ඇත.

සමගි ජනබල වේගය පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ ඇතුළු වීපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු එම ලිපියට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයින් දීර්ඝ කාලයක් සිරගතව රඳවා තබා ගැනීම තමන් කිසිසේත් අනුමත නොකරන බවට සඳහන් කර ඇති දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් තමන් දේශපාලඥයෙක්ට වඩා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙසද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වාට ජනපති සමාව ලබා දී නිදහස් කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50කට අධික පිරිසක් ලිපියකට අත්සන් තබා තිබෙනවා.

අත්සන් සහිත එම ලිපිය ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Related posts

ඒකීය රට කැබලි නමයකට කඩන ව්‍යවස්ථා යෝජනා ගැන නීති විශාරදයන් කල් තියා අනතුරු අගවයි

colombotoday

කොරෝනා පාලන නීති සමාලෝචනයට කාර්ය සාධක බලකාය අද රැස්වේ

colombotoday

රාජපක්ෂ සමරුවට ආ මර්වින්ට හූ කියා පන්නා ගනී.. මර්විනුත් හූවක් තියාගෙනම යන්න යයි

colombotoday

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin

මැතිසබේ ගුටි කෙළිය ගැන හොයන කමිටුව අද රැස් වෙයි

Admin

අභියාචනාධිකරණ සභාපතිධුරයට ජනපති එවූ නම දෙවන වරටත් ප්‍රතික්ෂේප කරයි…

colombotoday