එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා එම ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලනිප මැති ඇමති පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ජාවකදී ඔවුන් විසින් මෙම ඉල්ලීම කර ඇතයි සති අන්ත පුවත්පත් වාර්තා කරයි.
අද (09) පැවැත්වෙන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට 16 කණ්ඩායම සුදානමින් සිටින බව පැවසේ.