World

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

මේ වන තුරු ඇමරිකානු ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල මෙතෙක් මුළුමනින්ම නිකුත් කර නැතත්, ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් කරන ජනපති සඳහන් කරන්නේ තමන් මැතිවරණය ජය ගෙන ඇති බවයි.

එමෙන්ම ඉදිරි ඡන්ද ගණන් කිරීමේ කටයුතු සියල්ල අත්හිටුවීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවද ඔහු සඳහන් කරනවා.

ජනපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කරන්නේ’ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්, ජයග්‍රහණය සඳහා අවශ්‍ය කොට්ඨාශ ඡන්ද 270 කින් 238ක් ජයග්‍රහණය කර සිටියදීයි. ට්‍රම්ප්ට හිමිව ඇත්තේ එම ඡන්ද 213 ක් පමණයි.

කෙසේ වුවත් ජයග්‍රාහකයා තීරණය වන්නේ ඡන්ද වැඩි සංඛ්‍යාවක් පවතින ජනගහනයෙන් වැඩි ප්‍රාන්තවල ප්‍රතිඵල ලැබීමත් සමඟයි.

ඡන්ද ගණනය කිරීම තමාට අවාසිදායක විය හැකි බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හරහා එය අත්හිටුවීම ජනපති ට්‍රම්ප්ගේ අරමුණ බවද පැවසේ.

Related posts

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

colombotoday

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday

පැරිස් නුවර මාසයක් ලොක්ඩවුන්

colombotoday

ඉරාක පාර්ලිමේන්තුව විරෝධතාකරුවෝ අත් පත් කර ගනී

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

ඉස්ලාම් සත්ව බිලි පුජාවට ඉර්ෆාන් ඛාන් ගෙන් කනේ පාරක්

colombotoday