Colombo Today Local News

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බවයි.

ඒ අනුව රුපියල් 5,000ක්ව පැවැති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7,500ක් දක්වා ත්,

රුපියල් 2,000ක්ව පැවැති වැඩිහිටි දීමනාව රුපියල් 3,000 දක්වා ද ඉහළ නංවන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩිකළ දීමනාව අප්‍රේල් මස 01 සිට ලබාදීමට නියමිතය.

මේ අතර මාර්තු මස 31 අවසන් වීමට නියමිතව තිබූ අස්වැසුම ප්‍රතිලාභ යටතේ අවදානමට ලක් වූ සහ සංක්‍රාන්තික කාණ්ඩයේ ගෙවීම් දෙසැම්බර් මස 31 දක්වා සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

දැනට සංක්‍රාන්තික කාණ්ඩය සඳහා රුපියල් 2,500ක් ද අවදානමට ලක් වූ කණ්ඩය සඳහා රුපියල් 5,000ක දීමනාවක් හිමි වූ අතර ඉදිරියේ දී එම කාණ්ඩ දෙක එක්කොට පවුල් ලක්ෂ 8ක පිරිස එකම අවදානමට ලක් වූ කාණ්ඩය සේ සලකා රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Related posts

තැපැල් ඡන්ද විමසීම සාමකාමී – මැතිවරණ කොමිසම

colombotoday

පාසල් ඇරඹෙන්නේ මෙලෙසයි

colombotoday

මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි

colombotoday

එජාප පොළොන්නරුව සංවිධායකයා රිමාන්ඩ්

colombotoday

“ශ්‍රීලනිප නායකත්වය බලෙන් ගත්තේ නෑ.. මෙහෙම කරදර කරන බව දන්නවනම් ගන්නෙත් නෑ” – ජනපති

colombotoday

දුම්රිය මැදිරියක් ගිනි ගනී

Admin