Colombo Today Local News

ඩයනා ගමගේට ඇත්තේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුට තේරී පත් වූ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මියට බ්‍රිතාන්‍යයේ ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසිය.

ඩයනා ගමගේ මහත්මිය ද්විත්වපුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයට අමතරව බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ද ඇය විසින් භාවිතා කරන බවයි සඳහන් වන්නේ.

ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක අධිකරණය හමුවට අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සුදානම් බවත් එම ප්‍රකාශකයා පවසයි.

මේ සම්බන්ධයෙන් කල විමසුමකදී මැතිවරණ කොමිසන් සභාවේ උසස් නිළධාරියෙකු සඳහන් කලේ එවැනි ගැටළුවක් ඇත්නම් එය නිරාකරණය කිරීමට නම් අධිකරණයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද යන්න පිළිබඳව අර්ථකථනයක් දිය යුතු බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකව පැවති කාලයේදී ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේ දිවුරුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසියම් අයෙකු අධිකරණය හමුවට යාමෙන් එම ගැටළුව විසදා ගත හැකි බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළහ.

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් මේ වනතුරු කිසිඳු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදු නොවූ බවයි.

එහෙත් ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ තමාට ද්විත්ව පුරවැසිභාවයක් නොමැති බවත් ඒ ගැන සනාථ කරන ලෙසට ඕනෑම අයෙකු අභියෝග කරන බවයි.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

බස්රථ 12.000ක් මැයි රැළිවලට ගිහින්.. රට පුරා මගී ප්‍රවාහනය බිද වැටේ

colombotoday

“අන්තවාදී භික්ෂූන් රට ගිනි තියන්න හදනවා.. ඒවට බයවෙලා බෑ” – චන්ද්‍රිකා (Video)

colombotoday

සියළුම සංවර්ධන ව්‍යාපෘති ඇමරිකානු සමාගමකට – ඇගමැතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

යෝෂිත රාජපක්ෂ නැවතත් නාවික හමුදාවට අනියුක්ත කරයි

colombotoday

උපන් බිමේ අසරණ වූ නැගෙනහිර සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් මහ සගරුවන වීදි බසී

colombotoday

නැගෙනහිර නාවික අඥාපතිවරයා වහාම මාරු කරයි.. ආණ්ඩුවෙන් උසස්වීමක් ලැබූ වයිස් අද්මිරාල් සින්නයියා නැගෙනහිරට

colombotoday