BusinessColombo Today Local News

Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්

Dialog සමාගමෙන් පාරිභෝගිකයෙකු ලබාගත් 4G සබදතාවයක් සඳහා අදාළ වන මාසික ගාස්තුවට වඩා වැඩියෙන් වැඩිපුර මුදල් අයකර සිදුකල වංචාවක් සම්බන්දයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Dialog සමාගමට විරුද්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පාරිභෝගිකයෙකු, Dialog 4G අන්තර්ජාල සබදතාවයක රුපියල් 2900 ක මාසික ගාස්තුවක් සහිත පැකේජයක් ලබාගෙන භාවිතා කර ඇත.

කෙසේ වෙතත් මාසික ගාස්තුව රුපියල් 2900 ක් උවද සමාගම විසින් වසරක කාලයක සිට රුපියල් 3900 ක් පාරිභෝගිකයාගෙන් අය කරගෙන ඇත. පසුගිය බිල්පත් පිරික්සීමේදී Dialog සමාගම මෙම වංචාව දිගින් දිගටම සිදුකර ඇති බව හැගී ගිය බැවින් 0117100100 දරන පාරිභෝගික සේවා දුරකථන අංකයට ඇමතුමක් ගෙන මේ පිළිබඳව අදාළ පාරිභෝගිකයා විමසූ අවස්ථාවේ දී එය සමාගම පිළිගෙන ඇත.

පසුව service@dialog.lk පාරිභෝගික සේවා email ලිපිනය ඔස්සේ අදාළ පාරිභෝගිකයා විසින් Dialog සමාගමෙන් මේ පිළිබඳව කරුණු විමසා ඇත. පසුව පැමිණිලි අංකයක් සමාගම විසින් පාරිභෝගිකයා වෙත ලබා දුන්නද මේ වන තෙක් කිසිදු සාධනීය පැහැදිලිකිරීමක් සිදුකිරීමට Dialog සමාගම අපොහොසත් වී ඇත.

එම හේතුව මත සිද්ධියට මුහුණදුන් පාරිභෝගිකයා විසින් පොලිස් මුලස්ථානයට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පටන්ගත් බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද (10) දින පාරිභෝගිකයාට දන්වා ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සිදුකරන මෙරට ජීවත් වෙන තවත් බොහෝ දෙනාගෙන් මෙලෙස අසාධාරණ ලෙස Dialog සමාගම මුදල් වංචා කරන බවට තමාට සිදුවූ සිද්ධිය හේතුවෙන් සැකයක් තිබෙන බවත් තමාට Dialog සමාගම සිදුකර ඇති මුදල් වංචාව පිළිබඳව මෙන්ම තවත් පාරිභෝගිකයින්ට ද එවැනිම මුදල් වංචා සිදුකර ඇත්දැයි සොයා බැලීම සඳහා පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙසත් සමාගමට විරුද්ධව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පාරිභෝගිකයා සිය පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

Related posts

සියළුම වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත්කරනවා!

colombotoday

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

colombotoday

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

colombotoday

සියෝමි සමාගමේ පළමු විද්‍යුත් මෝටර් රථය

Admin

How the US tax code bypasses women entrepreneurs

colombotoday

ඉන්දියාවේ සමලිංගිකයන්ට සුබ පැතූ ඇමති මංගලට ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙකු දුන්නු කනේ පහර….

colombotoday