Colombo Today Local News

කැනඩාවේදී ලාංකික පවුලක් සාහසික ලෙස ඝාතනය කරයි

කැනඩාවේ ඔටාවා හි නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව තවත් තොරතුරු වාර්තා වෙයි.

විදෙස් වාර්තා සඳහන් කළේ, මව සහ ඇයගේ දරුවන් සිව් දෙනෙකු මෙන්ම එම නිවසේ ජීවත් වූ 40 හැවිරිදි පුද්ගලයෙකු සිද්ධියෙන් මිය ගොස් ඇති බවය.

දරුවන්ගේ පියා බරපතළ තුවාල සහිතව රෝහලේගත කර තිබේ.

මිය ගිය දරුවන් සිව් දෙනාම වයස අවුරුදු හතට අඩු අය බවද වාර්තා වෙයි.

ඔටාවා පොලිස් ප්‍රධානියා සඳහන් කළේ ඝාතනයට සම්බන්ධ සැකකරු 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකු බවය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම සිදුවීම ප්‍රථමයෙන් වෙඩි තැබීමක් ලෙස පොලීසිය දක්වා තිබුණද පසුව ප්‍රකාශ කළේ ආයුධයකින් ඝාතන සිදුකර ඇති බවය.

දශක තුනක පමණ කාලයකදී ඔටාවා හි මෙවැනි ඝාතනයක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධියෙන් මියගිය පිරිස වන්නේ,

මව – දර්ශනී බණ්ඩාරනායක – වයස අවුරුදු 35යි
ඉනූක වික්‍රමසිංහ – වයස අවුරුදු 07යි
අශ්විනී වික්‍රමසිංහ – වයස අවුරුදු 04යි
රින්යානා වික්‍රමසිංහ – වයස අවුරුදු 02යි
කෙලී වික්‍රමසිංහ – මාස 02යි

ඝාතනය වූ අනෙක් පුද්ගලයා වන්නේ ගාමිණී අමරකෝන් නම් 40 හැවිරිදි අයෙක් ය.

මෙම සිද්ධියෙන් දරුවන්ගේ පියා බරපතළ තුවාල ලබා ඇති අතර ඔහු ධනුෂ්ක වික්‍රමසිංහ නම් අයෙකි.

Related posts

යුරෝපා සංගමයෙන් තහනමක්.. විනාශ වූ ග්‍රාඩ් රොකට් වෙනුවට අලුත් ඒවා දෙන්න රටවල් දෙකක් බෑ කියයි

colombotoday

ලක් වෙද පුතෙක් ලියුකේමියාවට බැට දෙන දිව ඔසුවක් තනයි

colombotoday

ජනපති ළඟ අගමැතිගේ ඔත්තුකාරයෙක් !

colombotoday

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් උද්‍යාන මාවතේ ඇවිදින්න ගිහින් මරුට

Admin

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

මන්නාරම් ද්‍රෝණියේ තෙල් හා ගෑස් නිධි ඇති බවට තහවුරු වෙයි… ලංසු කැදවීම මැයි මසදී….

colombotoday