Colombo Today Local News

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුදබිමේ පළමු මැනීමෙන් පූජා භූමියට ඇතුළත් වූ මුඩු ඉඩමක සිදු කරන ලද ඉදිකිරීමක් සහ එහි තිබූ කෙසෙල් වගාවක් නිසා ඊයේ (23 වැනිදා) උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පසුව පොලිසි​යේ මැදිහත් වීමෙන් ගැටලුව සාමකාමීව විසඳුණි.

දෙවනගල භාරකාර ස්වාමීන් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මේ සම්බන්ධයෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය පැමිණියේය. මාවනැල්ල පොලිසියේ ස්ථානාධිපති අසේල හේරත් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ කෙසෙල් වගාකරමින් සිටි පුද්ගලයන්ට අවවාද කර එය නවතා දැමීමට කටයුතු කළේය. එම මුඩු ඉඩමේ කොන්ක්‍රීට් කණු යොදා භාගෙට සකස් කළ ඉදිකිරීම්ද පුද්ගලයන් ලවාම පොලිසිය විසින් ඉවත් කරවීය.

දෙවනගල විහාරස්ථානයට අයත් මුඩු ඉඩම්වල කිසිදු ඉදිකිරීමක් හෝ වගාවක් නොකරන ලෙස පොලිසිය මගින් එහි පදිංචි ජනතාව දැනුවත් කර තිබියදී එම නිතීයට අවනත නොවූ පිරිසක් විසින් මෙම නිතී විරෝධි කටයුත්ත සිදු කර තිබිණි.

මාවනැල්ල හෙම්මාතගම මාර්ගය ආසන්නයේ ඇති ඉඩමේ කොන්ක්‍රීට් කණු යොදා ඉදිකිරීමක් ආරම්භ කර තිබුණේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදාය. දෙවනගල විහාරස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේ ආගමික කටයුත්තකට දුර බැහැර ගොස් සිටියදී මෙම ඉදිකිරීම සිදු කර තිබිණි. උන් වහන්සේ විසින් අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙසේ පැවසීය.

අපිට තිබුණ ප්‍රධාන ගැටලු කිහිපයක්. එකක් තමයි ඉඩම් ගැටලුව. අනික අන්තවාදින් විසින් පුරාවිද්‍යා උරුම විනාශ කිරීම. වසර ගණනාවක් තිස්සේ මෙම ගැටලුව කිසිම ස්වාමින් වහන්සේ නමකට විසඳා ගන්න බැරි වුණේ අපේකම නැති කළු සුද්දෝ වාගේම මුස්ලිම් අන්තවාදීන් යන දෙපාර්ශ්වය එකමුතුවෙන් මෙම පුණ්‍ය භූමිය විනාශ කිරීම නිසාය.

අද මේ ගැටලු විසඳෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණාට පසුවයි. එතුමාට වුවමනාවක් තිබුණා පුරාවස්තු මෙන්ම ජාතික උරුම ආරක්ෂා කර ගන්න.

ඒ අනුව දෙවනගල ඉඩම් කොල්ලය මෙන්ම දෙවනගල පුරාවස්තු සංහාරය ගැනත් අවධානය යොමු වුණා.

Related posts

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

colombotoday

ජනපතිගේ තීන්දුව ගැන ගැන අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

රිෂාඩ්ගේ පක්ෂයෙන් මන්ත්‍රී වූ මුෂාරෆ් රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙයි

colombotoday

රුවන්පුර අධිවේගි මාර්ගයේ වැඩ අගමැති සුරතින් ඇරඹෙයි

colombotoday

කොමිසමේ වාර්තාවෙන් පසුව පාස්කු ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයන්ට නඩු පැවරීමට තීරණයක්

colombotoday