Colombo Today Local News

දයාසිරි බැදුම්කර සමාගමෙන් මිලියනයක් අරන්.. රථ ගාලේදී සල්ලි දුන් හැටි බොඩිගාඩ් හෙළිකරයි

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දුන් රුපියල් මිලියනයක චෙක් පතක්, තම ආරක්ෂක නිලධාරීවරයා මගින් මාරුකරවාගෙන ඇත්තේ මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිව සිටි දයාසිරි ජයසේකර මහතා විසින් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

අර්ජුන් ඇලෝසියස් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවක් අද (24) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා විසින් අනාවරණය කර ඇත්තේ නම් හෙළි කළ නොහැකි මන්ත්‍රීවරයෙකු මෙසේ සිය ආරක්ෂකයා ලවා මෙම සමාගම මගින් ලබා දුන් චෙක් පතකින් රුපියල් මිලියනයක මුදල් ලබා ගෙන ඇති බවයි.

තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත තමන් මෙම චෙක් පත මාරූ කොට රුපියල් මිලියනයක මුදලක් එම බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට ලබාදුන් බව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට පවසා ඇතැයිද එහිදී නීතීඥවරයා අධිකරණයට අනාවරණය කර තිබිණි.

Related posts

ජනපති ධූරයට ඩලස්ව සජිත්, රනිල්ව දිනේෂ්, ජවිපෙන් අනුර යෝජනා කරයි.

colombotoday

සජිත් එජාප නියෝජ්‍ය නායකත්වයෙනුත් ඉවත් වෙයි

colombotoday

ඉස්ලාමීය අන්තවාදය පරාජය කිරීමට රජයට සහ ඉස්ලාමීය සමාජයට විශේෂ යෝජනාවලියක්

colombotoday

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday