Colombo Today Local News

කාන්තාවක් දැරණියගල ප්‍රා.සභාපතිට දැලි පිහියකින් පහර දෙයි

දැරණියගල ප්‍රදේශයේ කාන්තාවක දැලිපිහි ප්‍රහාරයකින් දැරණියගල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාගේ නාසය කැපීම නිසා ප්‍රතිකාර සඳහා දරණියගල රෝහලට ඇතුළත් කර ඇතැයි සීතාවක කොට්ඨාස විශේෂ අපරාධ පොලිස් විමර්ශන ඒකකය කියයි.

සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවකට දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී කිසියම් දැරණියගල පොලොන්නරුව කඩය අසල සිය රථය නැවතූ අවස්ථාවේ එම ස්ථානයට ආ ඔහුගේ හිතවත් කාන්තාවක දැලි පිහියකින් පහරදීමට උත්සහ කළ බවත් එය වැළැක්වීමට යාමේදී නාසය කැපී ගිය බවත් සභාපතිවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

සැකකාර කාන්තාව ද දැරණියගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවත් සභාපතිවරයා හා ඇය ළඟන් ඇසුරු කර ඇති බවත් වාර්තා වෙයි.

Related posts

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin

දෙනියායේ පාලමක් කඩා වැටෙයි

colombotoday

උද්ධමනය තවත් පහළට

Admin

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

ජයසිරි මහ බෝ සමිඳු සිරි ලකට වැඩම කළ උඳුවප් පොහොය

colombotoday

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව එයි.. ගීතාට පාර්ලිමේන්තුව තහනම් වෙයි !

colombotoday