Colombo Today Local News

බිලියන 16ක රජයට පාඩුවක්.. රේගු ඉතිහාසයේ දැවැන්තම වංචාව ගැන පරීක්ෂණ යළි ඇරඹෙයි

හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ කාලයේ ශ්‍රී ලංකා රේගුව තුළ මෙතෙක් සිදුවී ඇති විශාලම රේගු වංචාව ලෙස සැළකෙන රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සැබෑ වටිනාකම වසන් කර බී එම් ඩබ්ලිව් වාහන 1675ක ප්‍රමාණයක් ගෙන්වා රජයට රුපියල් බිලියන 16ක වංචාවක් සිදු කිරීමේ සිද්ධියට අදාළව රේගුව මගින් යළි පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ වංචාව සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් සිදුවී අදාළ සිද්ධිය විභාග විය. එහි දී වාහන ආනයනකරුට නියම කරන ලද දඩය වැඩි බව පවසා එම දඩ නියම වූ පුද්ගලයා විසින් සහ එම දඩය ප්‍රමාණවත් නොවන බව බව පවසා යළි අභියාචන ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් රේගුව විසින් එම වංවාව සම්බන්ධයෙන් යළි පරීක්ෂණ ආරම්භ කර ඇත. මේ පරීක්ෂණ තුළින් යට ගැසී තිබූ රුපියල් බිලියන 16ක වංචාවේ සියලු කරුණු මේ පරීක්ෂණය තුළින් එළියට එනු ඇත. මීට පෙර එම වංචාවට අදාළව පරීක්ෂණ සිදු වූ අතර, එහි දී අදාළ වාහන ගෙන්වන ලද පුද්ගලයාට සිදු කරන ලද වංචාව සම්බන්ධයෙන් නියම වී ඇත්තේ එක් වාහනයකට රුපියල් ලක්ෂය බැගින් වූ දඩයකි.

බී එම් ඩබ්ලිව් වර්ගයේ අධි සුඛෝපභෝගී වාහනවල වටිනාකම අඩුවෙන් තක්සේරු කර මේ බදු වංචාව සිදු කර ඇතැයි කියයි. ඒ අනුව 2012 -13 සහ 14 යන කාලවලදී බී එම් ඩබ්ලිව් වාහන ගෙන්වන නියෝජිතවරයා විසින් පවතින නීතිය අනුව ඩොලර් මිලියන 25000 ඉක්මවන සෑම වාහනයක් සඳහා කිසිදු තීරු බදු සහනයක් නොලැබේ. එම නිසා ඩොලර් මිලියන 30000 ඉක්මවා යන මේ අධි සුඛෝපභෝගී වාහනවල වටිනාකම ව්‍යාජ ලෙස ඩොලර් මිලියන 25000ක් බව පෙන්වා මේ රේගු වංචාව සිදු කර ඇති බව පැවැසේ. කෙසේ වෙතත් මේ හරහා රජයට රුපියල් බිලියන 16ක අලාභයක් සිදු වී ඇති බව අනාවරණය වෙයි. ව්‍යාජ ඉන්වොයිස් ඉදිරිපත් කරමින් මේ වංචාව සිදු කර ඇතැයි මීට කලින් සිදු කරන ලද පරීක්ෂණවලදීද අනාවරණය විය. හිටපු රේගු අධ්‍යක්ෂ චූලානන්ද පෙරේරා මහතාගේ කාලයේ දී සිදු වී ඇති මේ වංචාව මෙතෙක් රේගු ඉතිහාසයේ තීරුබදු හරහා සිදු වී ඇති වැඩිම වංචාව වෙයි. මේ වාහන ආනයනකරු මේ වංචාව සිදු කර ඇත්තේ රේගුවේ යම්කිසි කෙනකුගේ අනුදැනුම මතද යන්න මේ යළි සිදු වන පරීක්ෂණවලදීද සොයා ගැනීමට හැකි වනු ඇත.

Related posts

ෆෙඩරල් ඕනම නෑ.. උපරිම බලය බෙදුවොත් ඒකීයභාවය අහෝසියි.. අනුනාහිමියෝ අගමැතිගේ මූණටම දෙසති (Video)

colombotoday

ගම් වදින අලි එලවන්න ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනී

colombotoday

“සෙංකෝලය පැහැරගැනීමේ සැලසුමක්” – හෙට විශ්වාසභංගයේදී වෙන්න යන දෙයක් ගැන ගම්මන්පිල කියයි

colombotoday

අලුත් සිපෙට්කෝ සභාපති වැටුප දෙගුණ කරගෙන?

Admin

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

colombotoday

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin