Colombo Today Local News

රේගු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (18) 4 වන දිනටත් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අමිල සංජීව මහතා පැවසුවේ, බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මේ අතර, රේගු වෘත්තිය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල ප්‍රමාණයක් අවහිර වී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ ය.

පසුගිය සිකුරාදා රේගු වෘත්තීය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේ ය.

ඒ් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ පවතින ගිණුමක් මුදල් අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධය පළ කරමින් ය.

රේගු නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරිවරුන්ගේ සංගමය සහ රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට ඇතුළත් ය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා පැවසුවේ මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

Related posts

ඊයේ මාධ්‍ය හමු පැවැත්වූ කපිතාන් අසේල ධර්මසිරි විනය හේතූන් මත ඉවත්කළ හමුදා නිලධාරියෙක්

colombotoday

පාතාලයකු මරන්න මැගසින් හිරගෙදරට ගෙනා සයනයිඩ් කුප්පියක් සහ සිරින්ජරයක් හසුවේ

colombotoday

“මින් පසු උතුරු නැගෙනහිර බෞද්ධ විහාර ඉදිකිරීම ඉඩ දෙන්නෑ” – ද්‍රවිඩ සන්ධානය රජයට දැනුම් දෙයි

colombotoday

රටවල් 7ක නායකත්වය ජනපති මෛත්‍රීට…

colombotoday

සකල දේශවාසී සහෘද ඔබ සැමට සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

colombotoday

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday