Colombo Today Local Newsfeatured

භූගත ජලයට වෛරස් එකතුවිය හැකියි. නමුත් භූමිදානය කරන්න දෙන්න. වෛරස් කමිටුවෙන් හතරබීරි කතාවක්. විද්වත් කමිටුව අවසරය නොදෙයි.

කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය කිරීම හේතුවෙන් එම වෛරසය සුළු වශයෙන් භූගත ජලයට එකතුවීමේ අවධානමක් තිබෙන බවත් වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමිදානය කිරීමට ලබා දීම එතරම් ගැටළුවක් නොවන බවටත් වෛරස පිලිබඳ මහාචාර්යවරුන්ගෙ කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යවරියට නිර්දේශ කර ඇති බව වාර්තා වෙනවා.

භූමිදානය ද ආදාහනය ද යන ප්‍රශ්නය පැනනැගුනු විට සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පත්කළ විද්වත් කමිටුව සහ වෛරස පිලිබඳ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුව අතර රැස්වීමක් ඊයේ (31) පවත්වා ඇති අතර භූගත ජලයට වෛරසය එකතුවීමේ අවධානමක් පැවතියද භුමිදනයට අවසර දෙන ලෙස වෛරස පිළිබඳව මහාචාර්යවරුන්ගේ කමිටුව නිර්දේශ කිරීම එහිදී ප්‍රශ්නයට ලක්වී ඇත.

භූගත ජලයට වෛරසය එකතුවීමේ අවධානමක් තිබෙනවානම් භූමිදානය කිරීම කිසිසේත් සුදුසු නොවන තත්වයකදී වෛරස් කමිටුව හතර බිහිරි කතාවක් පැවසීම හාස්‍යට ලක්වුණු බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් වෛරසය භූගත ජලයට එකතුවීමේ අවදානමක් පවතින බවට වෛරස් කමිටුව නිර්දේශ කිරීම හේතුවෙන් විද්වත් කමිටුව විසින් භූමිදානය කිරීමේ යෝජනාව ඉවත දමා ඇති අතර කොරෝනා ආසාධිත මළසිරුරු ආදාහනය දිගටම සිදුකිරීමට තීරණය වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු යට වෙයි.

colombotoday

මහර ගැටුම – විද්වත් කමිටු වාර්තාව අධිකරණයට

colombotoday

colombotoday

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

පියාගේ අවමඟුලදා පවුලේ හතරකට කොරෝනා. | හය දෙනෙක් මල් ශාලාවේම නිරෝධායනයට

colombotoday