Colombo Today Local Newsfeatured

කොවිඩ් මරණ භුමිදානයට අවසර දෙනවා | මහින්ද රාජපක්ෂ කියයි.

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අගමැතිවරයා සභාවේ නැගී සිටිමින් එසේ කියා සිටියේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

ජලයෙන් කොවිඩ් 19 ‍බෝ නොවන බවට සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසූ බවත් එසේ නම් මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු භූමදානයට ඉඩ නොදෙන්නේ මන්දැයි අසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී විමසා සිටි අවස්ථාවේ එය රීති ප්‍රශ්නයක් නොවන බව කියමින් කථානායකවරයා ඔහු වාඩි කළ නමුත් එහිදී එකවරම නැගී සිටි අගමැතිවරයා කොවිඩ් 19 වැළඳීමෙන් මිය යන අයගේ සිරුරු භූමදානයට ඉඩ දෙන බව කියා සිටියේය.

Related posts

කිරි උගුරේ සිරවූ දින 40ක සිඟිත්තිය මෙලොව හැර යයි

Admin

අභියාචනාධිකරණ තීන්දුවට අනුව අමාත්‍ය මණ්ඩලයේ සියලු දීමනා අත්හිටුවයි

colombotoday

අද සහ හෙට විදුලි කප්පාදුවක්

colombotoday

කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළට

colombotoday

ලිංගික අතවර කර 7 හැවරදී දරුවා ඝාතනය කරලා

colombotoday

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday