Colombo Today Local News

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් මහා භාණ්ඩාගාරයට යැවීයයුතු මුදල් තමන්ගේ ගිණුමේ දාගෙන

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මගින් රාජ්‍ය භාණ්ඩාගාරයට අය විය යුතු රාජ්‍යභාග පසුගිය වසර ගණනාව පුරාම නිසි පරිදි සම්ප්‍රේෂණය වී නොමැති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දී අනාවරණය විය.

එය නිසි පරිදි සිදු කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

සභාපතිවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ එයට සම්බන්ධ ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික) සමාගම පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව 2016 සිට 2021 දක්වා කාලය තුළ කාර්යාංශය විසින් රාජ්‍යභාග නිසි පරිදි එක්රැස් කොට තිබුණද රාජ්‍ය භාණ්ඩාගාරයට යැවිය යුතු ප්‍රමාණය සම්ප්‍රේෂණය නොකොට කාර්යාංශයට අයත් ස්ථාවර ගිණුම්වල තැන්පත් කොට තිබීම පිළිබඳවද කමිටුවේදී සාකච්ඡා කෙරිණි.

ඒ අනුව එම කාලය තුළ කාර්යාංශය තුළ එකතු වූ රාජ්‍යභාග ප්‍රමාණය රුපියල් 16,591,075,088ක් වන අතර රාජ්‍ය භාණ්ඩාගාරයට සම්ප්‍රේෂණය කොට ඇත්තේ රුපියල් 8,520,235,812ක් පමණක් බව මෙහිදී හෙළිවිය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ අනුමත කාර්ය මණ්ඩල සේවක සංඛ්‍යාව ඉක්මවා බඳවාගෙන ඇති  ජී එස් එම් බී තාක්ෂණ සේවා (පුද්ගලික)සමාගමට අයත් සේවකයන් වෙත කාර්යාංශය මගින් වැටුප් ගෙවීම සම්බන්ධවද කෝප් කමිටුවේදී සාකච්ඡා කෙරුණු අතර මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උප‍දෙස් ලබා දුන්නේ මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා කාර්යාංශයට සේවක අඩුපාඩුවක් පවතින්නේ නම් එය කළමනාකරණ සේවා දේපාර්තමේන්තුව වෙත දන්වා අදාළ අනුමැතිය සහිතව සපුරා ගන්නා ලෙසයි.

Related posts

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

Admin

ඥානසාර හිමිට හෙටත් ඇප නොලැබෙන හැඩ

colombotoday

ජනපති මෛත්‍රී නීතිය ඉදිරියේ වරදකරුවකු වෙලා ඉවරයි.. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ හැකියි.

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday

උපවාස කළ කොටි සැකකරුවන් පිරිසකට අසාධ්‍යයි, නිදහස් නොකළොත් දිවි නහගන්නා බව තවත් පිරිසක් කියයි.

colombotoday

වසීම් තජුඩීන් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි, අධිකරණයෙන් නියෝග

colombotoday