BusinessColombo Today Local News

මුස්ලිම් ව්‍යාපාරිකයාට වාසිවන අයුරින් පොල්තෙල් ආනයනයට පැය 6කට බදු සහනයක් දුන්නාද ?

සීනි ආනයනය කරන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුට වාසි වන අයුරින් සීනි ආනයන බද්ද අඩු කල බවට රට තුල ඇතිවූ ආන්දෝලනය පහව යාමට මත්තෙන් එම ව්‍යාපාරිකයාටම වාසි වන අන්දමේ එවැනිම තවත් බදු සහනයක් පිළිබඳව ව්‍යාපාරික ලෝකයේ කතා බහක් ඇති වී තිබෙනවා.

ඒ අදාළ ව්‍යාපාරිකයාට වාසි ලැබෙන පරිදි පොල්තෙල් ආනයනයේදී අයකරනු ලබන බද්ද ඉතා කෙටි කාලයකට අඩු කිරීමක් පිළිබඳවයි. සමහර ව්‍යාපාරිකයින් චෝදනා කරන්නේ අදාළ ව්‍යාපාරිකයාට වාසිවන අන්දමින් පැය 6කට බදු සහනයක් දී ඇති බවයි.

මේ පිළිබඳව නිල වාර්තා තවමත් ලැබී නොමැති අතර කිසිවෙකුට ලබාදිය නොහැකි මිලකට අදාළ ව්‍යාපාරිකයා පොල්තෙල් ලබා දීමත් සමගම අනෙකුත් ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර කරගෙන යාම අර්බුදයක් වී ඇත.

බදු සහන ලබා දෙන්නේනම් ආනයනය කරන සියලුම ව්‍යාපාරිකයන්ට එය ලබා දිය යුතු අතර එක් ව්‍යපරිකයෙකුට මෙලෙස විශේෂයක් කරන්නේනම් ඒ කුමන කාරයක් මතද යන්න සොයාබැලිය යුතුව ඇත.

එමෙන්ම මේ පිළිබඳව වගකිවයුතු අමාත්‍යාංශය වහා ප්‍රකාශයක් සිදුකර ඇත්ත නැත්ත වහා රටට පැවසිය යුතුය. නොඑසේනම් ජනතා අප්‍රසාදයට පත්වන්නේ සුවහසක් ජනතා පැතුමක් ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය.

Related posts

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

වසන්ත මුදලිගේ අධිකරණයට රැගෙන එයි

Admin

අද රටේ සියළු ප්‍රශ්න ඇතිව තිබෙන්නේ රාජපක්ෂ නිසා – කබීර් හෂීම්

colombotoday

නාමල්ට ඇමරිකාව තහනම් වූ හේතුව ඉන්දීය වෙබ් අඩවියක් ප්‍රථම වරට අනාවරණය කරයි !

colombotoday

“කාන්තාවන් මැදපෙරදිග නොයවා ආර්ථික අර්බුධයෙන් ගොඩ එන්න බෑ” – ෆොන්සේකා

colombotoday