Colombo Today Local NewsGossip

තමන්ගෙත් පටි රෝල් වෙයි කියා ඇමතිලා බය වෙයි.. Chogm දූත ගමනේ රස රහස් මෙන්න

බ්‍රිතාන්‍යයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිය දූත පිරිස සමග පෙනී සිටින තැනැත්තියක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාලා ඔස්සේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

ගිහානි වීරසිංහ නම් ඇය සිය සමාජජාලා ගිණුම් ඔස්සේ ලන්ඩනයේදී ජනාධිපතිවරයා ඇමතිවරු සහ ඉහළ ඇවරියේ දේශපාලන නියෝජිතයන් සමග එකට සිටිනා ඡායාරූප පළකර ඇති අතර ජනාධිපතිවරයාගේ දූතර පිරිස සමග තමන් සහභාගී වූ බවත් ආයෝජන ව්‍යාපාරික ගනුදෙනු කිහිපයකට සම්බන්ධ වූ බවත් ඇය සදහන් කර ඇත.

කෙසේ වෙතත් තොරතුරු වාර්තා වන ආකාරයට ඇය ඉහළ පෙළේ දේශපාලකයන් සමග තිරය පිටුපස සමීප සබදතා ඇති තැනැත්තියක් බව පැවසෙන අතර, කුප්‍රකට තැරැව්කාරියක් ලෙසද හැදින්වෙනවා.

යුරෝපයේ  ආයෝජකයන් දෙදෙනෙකුට ජනාධිපතිවරයා මුණගස්වන බවට ලබා දුන් පොරොන්දුවක් මත ඇය චෝගම් දූත කණ්ඩායමට එක්වී ඇති බවද පැවසේ.

මැයගෙ සහකරු වන මොහාන් පෙරේරා “Sri Lanka” නම හා ජාතික ධජය භාවිතා කරමින් ආයෝජන හා වෙළද ගනුදෙනු සදහා යැයි කියමින් නීති විරෝධි ආයතන තුනක් පිහිටුවාගෙන ඇති බව පැවසෙන අතර ඒ හරහා සිදු කරන්නේ විදේශිකයන් නොමග යවමින් මෙරට දේශපාලකයන් සමග ඩීල් දැමීමේ තැරැව්කාර ව්‍යාපාරයක් බවද දේශපාලනයේ තිරය පිටුපස කතා බහට ලක්වේ.

මේ අතර ලන්ඩන් ආරංචි මාර්ග පවසන්නේ, ගිහානි වීරසිංහ තමන්ගේ ඡායාරූපත් ෆේස්බුක් දමා චොර කරාවිදැයි චෝගම් දූත මෙහෙවරේ ගිය ඇමතිලා දැඩි භීතියට පත්ව සිටින බවයි.

රටේ නම සහ ජාතික ධජය නීති විරෝධි ලෙස බාවිතා කරමින් පවත්වාගෙන යන තරැව්කාර ආයතන

Related posts

ඉන්ධන මිල ඉහළ දැමුවේ ඛණිජ තෙල් සංස්ථාවේ වංචා දූෂණ නිසා

colombotoday

කොළඹ රෝහල් පරිශ්‍රවල මත්ද්‍රව්‍ය ජාවාරමක් | මෙහෙයුමෙන් ඇල්ලූ රෝහල් සේවකයා පාතාල නායකයා දිනුක් ගෝලයෙක්

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවාව විකිණීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවීමේ කාලය දීර්ඝ කරයි

Admin

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

ගෝඨාභය මර්දනය කළ පාතාලය බරපතළ ලෙස යළි හිස ඔසවලා – ගම්මන්පිල

colombotoday