Colombo Today Local Newsfeatured

අගවිනිසුරු පත්වී ඇත්තේ එජාපයේ උවමනවටයි – ඒ පිටුපස රාජ්‍ය නොවන සංවිධාන

අගවිනිසුරුවරයා පත් කිරීමේදී එජාප නායකයින්ගේද අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන නලින් පෙරේරා පත්කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

අධිකරණ සේවා ඉතිහාසය තුළ ජ්‍යෙෂ්ඨත්වය මත අගවිනිසුරුවරයකුගේ නම යෝජනා කල ද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මාධ්‍යවලින් එතරම් ප්‍රචාරයක් ලබා දීම අතපසුවීම පිළිබඳව ජනාධිපතිවරයා දොස් නගා ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර සිටයි.

නලින් පෙරේරා අගවිනිසුරුවරයා වසර 38 මාස 11ක කාලයක් අධිකරණ සේවාව තුළ සේවය කළ පුද්ගලයකු උවත් ඔහුව පත්කිරීම සඳහා දේශීයත්වයට හා සංස්කෘතියට පහර දෙන රාජ්‍ය නොවන සංවිධාන දැඩි වෙහෙසක් ගත් බව සිවිල් සංවිධාන චෝදනා කර සිටියි.

රටේ අධිකරණ රාජ්‍යයක් බිහි කිරීම සඳහා ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත් ආණ්ඩුව විවේචනය කරන නායකයන්, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින් බොරු චෝදනා ගොනු කර සිරගෙවල්වල ගාල් කිරීමට කටයුතු කරන බව බොදු බල සේනා සංවිධානය චෝදනා කර සිටියි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දුන් වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල ඇපෑල ඉවත දැමූ විනුසුරුවන් දෙදෙනාගෙන් නලින් පෙරේරා එක් අයෙකි.

Related posts

ආණ්ඩුවට එරෙහිනම්, ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණ කළ යුත්තේ ජවිපෙ මූලස්ථානය ඉදිරිපිටයි…

colombotoday

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday

“රණවිරුවන් වෙනුවෙන් කතා කළ අපේ හාමුදුරුවෝ දිගින් දිගටම සිරගත කරමින් පළිගත්තා” – ප්‍රසන්න රණතුංග

colombotoday

ප්‍රබල මුස්ලිම් ඇමති දෙදෙනෙක් හිටපු ජනපති රහසේ හමුවෙයි.. කරණමකට සූදානම් !!

colombotoday

2018 වසරේ සිට ඇස්බැස්ටස් ආශ්‍රිත සියලු නිෂ්පාදන තහනම්

colombotoday

එජාපෙ අපේක්ෂකයා එජාප සම්මේලනයට පෙර !

colombotoday