Colombo Today Local News

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ… – චම්පික රණවක

ත‍්‍රස්තවාදී කල්ලි මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ යැයි මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ ඊයේ (25) කොළඹ පැවති උත්සවයක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්.ටී.ටී.ඊ.  සංවිධානය තහනම් කර ඇති බැවින් ඔවුන්ට කිසිවිටෙකත් හානිපූර්ණ පනත මඟින් වන්දි ලැබෙන්නේ නෑ.

මේ රටේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනතක් තිබෙනවා 1978, එහි පැහැදිලිව ත‍්‍රස්තවාදය මොකද්ද කියලා අර්ථ දක්වලා තිබෙනවා. කොටි කියන්නේ නීති විරෝධි සංවිධානයක්. ඒ වගේම ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම පිළිබඳව තව පනතක් තිබෙනවා. ඒකෙත් ත‍්‍රස්තවාදීන්ට අරමුදල් සැපයූවේ කවුද කියලා තිබෙනවා.

ඒ පනත් දෙකෙන් ත‍්‍රස්තවාදියා කවුද කියලා පැහැදිලිව හඳුන්වලා තිබෙන කොට තව විදිහකට කොටින්ට වන්දි ගෙවන්න බැහැ මිත‍්‍රවරුණි. මොකද ඒ ගොල්ලො බොහොම පැහැදිලිව නම් කරලා වරදකාරයෝ වෙලා තිබෙනවා. ඒ වගේම කවුරු කවරු විරුද්ධ උනත් අපි කියන්න  ඕනේ ත‍්‍රස්තවාදී කල්ලි කණ්ඩායම් මුලිනුපුටා දාන්න රාජපක්ෂලා බයවෙලා හිටියේ.

අපි තමයි ඉදිරියට ගිහිල්ලා ඒ ත‍්‍රස්තවාදය සහමුලින්ම අවසන් කරලා මේ රටට සාමය අරන් දෙන්න මේ රටට කැපවුණේ.

ඒ වගේම 12,600 ක් ත‍්‍රස්තවාදීන් යටත් උනා. ඒ අයගෙන් නැගෙනහිර මිනී මරපු රාම්, නගුලන් වගේ නායකයින්ට ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙව්වා. කේ.පී.ට, රාම්, නගුලන්ට ඒ ත‍්‍රස්තවාදීන් හයසිය ගණනක් මොණරාගල, කතරගම අපේ ජනතාව මරපු අය. ඔවුන් අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඒ ත‍්‍රස්තවාදී නායකයින්ට රාජපක්ෂලා හානිපූරණය කරලා දුන් බව පැවසීය.

Related posts

හොරුන්ගෙන් බේරගන්න ගවයන්ට ඌරු තෙල් එන්නත් කරයි

colombotoday

ඇමති ජනක බණ්ඩාරට එරෙහි මිනීමැරුම් නඩුවක් අභියාචනාධිකරණය බලරහිත කරයි

colombotoday

ලංකාවේ මිනිස් ජාවාරමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙක් ඉන්දියාවෙිදී අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

සභාපති පොල් පිත්තෙන් කැපුවත් මිල්කෝ ලාභ ලබන්න පුලුවන්

Admin

මහනුවර කඩ සාප්පු අද වැසේ… දුම්රියත් වර්ජනයට සූදානම්…!!

colombotoday