Colombo Today Local News

“එජාප නායකතුමා රාජපක්ෂලාගේ ලණු කන්නේ නෑ.. 2020 දක්වා ප්‍රධාන මැතිවරණ නෑ” – ඇමති චම්පික

champika r 33

එක්සත් ජාතික පක්‍ෂයේ නායකතුමාවත්, එක්සත් ජාතික පක්ෂයවත් රාජපක්ෂලාගේ දේශපාලන ලණු කන්නේ නැතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ඊයේ ඊයේ (17) හෝමාගම නගර සංවර්ධන ව්‍යාපෘතියට අනුව බස්නැවතුම්පළ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

”විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පසුගිය කාලේ හිටපු ලොකුම දූෂකයෝ කල්පනා කරනවා, එයාලා එළියට ඇවිල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපි බෙදනවා, අලූත් පක්‍ෂයක් හදනවා කියල උස් හඩින් කිව්වහම එක්සත් ජාතික පක්ෂය එකට රැවටෙයි කියලා.

මෙහෙම කිව්වහම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදෙයි, ඊළඟ ඡන්දෙදි යූඑන්පියට වාසි වෙයි කියලා.

ඒගොලන්ව දූෂණවලින් ගලවා ගන්න එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වෙයි කියලා ඒ ගොල්ලො හිතනවා.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකතුමාවත්, එක්සත් ජාතික පක්ෂයවත් ඒ දේශපාලන ලණු කන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ගරු අගමැතිතුමාත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකතුමා අතිගරු ජනාධිපතිතුමාත් ඔය දේශපාලන ලණු කන්නේ නැතිව ඉදිරියට යන්න අධිෂ්ඨාන කරගෙන තියෙනවා.

2020 වෙනකන් මේ රටේ ප‍්‍රධාන මැතිවරණ නැහැ.

ඒ කාලය තුළ පක්ෂ භේදය දුරලලා අපි රට හදමු. රටේ දියුණුවට බාධාකරන බලවේග දේශපාලන වශයෙනුත්, සමාජීයමය වශයෙනුත් පරාජය කරන්න අධිෂ්ඨාන කරගමු කියලා ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

Related posts

අලුත් ආණ්ඩුවේ ඇමතිකමකට මටත් ආරාධනා ලැබුණා – ෆොන්සේකා

colombotoday

අනුර ආවොත් උපරිම මාස 6යි

Admin

මීගමුව බන්ධනාගාරයට ආ පාර්සල්

colombotoday

පැතිරී යන කොවිඩ් 19 වසංගතය ගැන සතුටුවන IS නායකයා සතුරන්ට උපරිමයෙන් ප්‍රහාර එල්ල කරන්න සිය අනුගාමිකයින් දැනුවත් කරයි

colombotoday

විල්පත්තුවේ දඩයමේ ගිය පිරිසකට අලි ප්‍රහාරයක්… අයෙක් මරු දකී

Admin

විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට රක්ෂණයක්

colombotoday