Colombo Today Local News

“ITN වැඩිහිටියන්ට පමණයි” වැඩසටහන් වෙනුවෙන් කැෆේ කිර්ති කඩේ යයි

cafe-keerthiලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් ලිපියක් ගෙන විශ්වවිද්‍යාල ආචාර්ය තනතුර ලබා දෙන ලෙස මීට ඉහතදී ඉල්ලීම් කල, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක, කිර්ති තෙන්නකෝන් මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට විරුද්ධව ජනාධිපතිවරයාට, ජනමාධ්‍ය අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට පැමිණිල්ලක් ලිඛිතව යවා ඇත.

එම ලිපිය මගින් ITN පිලිබදව ජනමාද්‍ය ලේකම්වරයාට කතා කිරීමට ඇති අයිතිය ප්‍රශ්න කර තිබෙන අතර, ITN වැඩසටහන්වල අන්තර්ගතය පිලිබදව මැදිහත් වීමට ජනමාධ්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බව සදහන් කර තිබෙනවා.

ආයතනික විධිවිධාන කුමන අයුරකින් පැවතුනත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයා වශයෙන් සමාජීය වගකීමක් එම තනතුර දරන්නා සතුවේ. එය නිමල් බෝපගේ හෝ එම තනතුරට පත්වන ඕනෑම පුද්ගලයකු සතුවන ප්‍රෞඩ සංස්කෘතියකට උරුමකම් කියන ජාතියක් සහ එම ජාතිය වටා බැදුණු මහා සංස්කෘතියක් ආරක්ෂා කිරීමේ වගකීමකි. එය NGO මුදල් මගින් තම බඩගෝස්තරය රැකගන්නා පුද්ගලයන්ට නොවැටහීම පුදුම සහගත කරනයක්නම් නොවේ.

මෙහිදී මතුවන අනෙකුත් කාරණය වන්නේ “ITN වැඩිහිටියන්ට පමණයි” වැඩසටහන් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සදහා කෙසේ බලපාන්නේදැයි යන ප්‍රශ්නයයි. මෙය හුදෙක්ම “බල්ලාගේ වැඩේ බූරුවා කිරීමට” යාමේ තත්වයකි. රටට “යහපාලනය” ගෙන ඒමට සපතකර බලයට පැමිණි වර්තමාන ආණ්ඩුව තම රෙදි ඇපිල්ලවීම සදහා ඩොලරයක් කටට වැටෙන තුරු බලා සිටින්නන් යොදා ගැනීම පුදුම සහගතය. මෙම ගැටලුවේදී ITN වෙනුවෙන් හඩ අවදිකළ බොහෝ දෙනා එවැන්නන් වීම වෙශේෂත්වයකි. සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළු දේශීය හර පද්දතීන් විනාශ කිරීමට මාන බලන රාජ්‍ය නොවන කල්ලි අග්‍රාමාත්‍ය ලේකම් හරහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙහෙයවන බව දැන් සක්සුදක් සේ පැහැදිලිව ඇත.

මෙවැනි තත්වයක් තුල නිදහස් සහ සාධාරණ මැතිවරණ පිලිබදව විග්‍රහ කිරීමට සිටිනා පුද්ගලයින් සහ මානව හිමිකම් පිලිබදව කෑමොර දෙන්නන් තවත් විශ්වාස කළහැකිද යන ගැටලුව ජනතාව අභිමුව ඇත.

කැෆේ විසින් නිකුත් කළ ලිපිය හා කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය නිකුත් කළ ලිපිය පහතින්.

caffe-letter kuta_keerthi_tennakoon_letter-1-1

Related posts

ඒකාබද්ධ විපක්ෂය ජනපති හමුවෙයි

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

මහා පරිමාණ ඉන්දීය පාවහන් සමාගමකට මෙරට දොර අරී.. දේශීය පාවහන් කර්මාන්තය අවසන් ගමනේ

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හානි 290 දක්වා ඉහළට… 500 කට පමණ තුවාල

colombotoday

ජුලියන් බෝලින් හා ජොනතන් මාටින්ස්ටයින් CID යට

colombotoday

රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා දෙවැනි රැල්ල සඟවන්න.. තුන්වැනි රැල්ලත් එනවා

colombotoday