Colombo Today Local News

අද කැබිනට් සංශෝධනයෙන් පුරාවිද්‍යාව අකිලගෙන් ඉවත් කෙරේ?

අද පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මුළු ඇමැති මණ්ඩලයම අලුත් කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරු 10.00ට දිවුරුම් දීමට නියමිතය.

එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ. අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.

Related posts

කංචන,ප්‍රමිත,ශෙහාන් දැඩි තීරණයක් ගනී

Admin

ගංජා වැවූ මොනරාගල SSP මාට්ටු

Admin

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

colombotoday

ජනපතිගේ අභියෝගය අගමැති බාරගනී.. විවාදයට පාර්ලිමේන්තුව කැදවයි

colombotoday

සුදේව සහ රංගන හිරු දමා යති. ස්වර්ණවාහිනියෙන් ඉහලම පුටු දෙකක්

colombotoday

අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සජබ න් පෙත්සමක්

colombotoday