Colombo Today Local News

බැඳුම්කර ගනුදෙනුවෙන් 90%ක්ම ලාභ ලැබුවේ බෑණා බව මාමා පිළිගනී

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදු වූ වසරක කාලය තුළදී සිදුකළ භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් 90%ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (10දා) පිළිගත්තේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වූබැඳුම්කර වෙන්දේසිවලදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් පිළිගත්තේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.

කොමිසමට සහය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙම කරුණු පිළිගත්තේය.

Related posts

රජයේ ඉඩමක් බලෙන් අල්ලාගත් අයෙක්, පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි.. ගල්වෙඩි දමා පුපුරවාහරී

colombotoday

ජාතික රණවිරු සැමරුම ඉහලින්ම පැවැත්වීමට රජය තීරණය කරයි

Admin

සහරාන්ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ගේ පීසීආර් වාර්තා පැය තුනෙන් නිකුත් කරන මධ්‍යස්ථානය විවෘතවේ

colombotoday

ආණ්ඩුවේ පත්තරේ ජනමාධ්‍ය ලේකම්වත් බයිට් කරයි.. ඡායාරූපයක් අමුතු විදිහට විකෘති කරලා !

colombotoday

“කීවේ ප්‍රජාතන්ත්‍රවාදය දෙනව කියල.. සරසවි සිසුන්ගේ අඩු කඩනවා. ඒ මදිවට හිරෙත් දානව” – ගුරු සංගමය

colombotoday