Colombo Today Local News

බැදුම්කර පගාව 118දෙනා හෙළි නොකළොත් ජනපති කාර්යාලය වැටලීමට සූදානම්

බැඳුම්කර වංචාවෙන් මුදල් ලබාගත් දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුව ලබන සතිය ඇතුළත ජනාධිපතිවරයා විසින් හෙළි කළ යුතු බවත් එසේ නොවුණහොත් සේවක අර්ථසාධක අරමුදල හිමි පිරිස සමඟ ජනපති කාර්යාලය වටලන බවත් අන්තර් සමාගම් සේවක සංගමය අනතුරු අඟවයි.

එහි සභාපති වසන්ත සමරසිංහ අවධාරණය කළේ එකී පුද්ගලයන් කවුරුන්ද යන වග දැනගැනීමටත්, අදාළ මුදල් වහාම පියවා ගැනීමත් අත්‍යවශ්‍ය කරුණක් බවය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් බැඳුම්කර වංචාව හා සම්බන්ධ වාර්තාවට අදාළ පිටු 106ක් ප්‍රසිද්ධ නොකළේ එහි සංවේදී තොරතුරු ආරක්ෂා කර හදිසි ක්‍රියාමාර්ග ගැනීමට බව පැවැසූ නමුත් එකී පිටු 106 තුළ අදාළ පුද්ගලයන් හා ඔවුන් ලබාගත් මුදල් පිළිබඳ තොරතුරු අඩංගු බව ඒ මහතා කීය.

සමරසිංහ මහතා වැඩිදුරටත් පැවැසුවේ බැඳුම්කර වංචාවෙන් මෛත්‍රි, මහින්ද, රනිල් පාර්ශ්ව තුනෙහිම ඇතැම් මන්ත්‍රිවරුන් මුදල් ලබාගෙන ඇති බවය.

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

මහ බැංකුවට කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීම් නවතයි

colombotoday

ගව ඝාතනය හිංසාවක් නෙවෙයි.. අලියෙක් පෙරහැරේ ගෙනයෑම තමයි හිංසාව, ආණ්ඩුව සංස්කෘතියටත් පහර දෙනවා

colombotoday

කිවුව පිලිවෙතට පැණිය බිවුවනම් කොරෝනා වැලදෙන්නේ නෑ.. – ධම්මික බණ්ඩාර

colombotoday

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin

විජයදාස ජනපති කොමිසමට…

colombotoday