World

බොකෝ හරාම් නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසාගෙන.

බොකෝ හරාම් ඉස්ලාමීය ත්‍රස්ත කල්ලියේ නායක අබුබකර් ෂෙකෝ සියදිවි නසා ගැනීමට තැත් කිරීමෙන් තුවාල ලබා පසුව මියගොස් ඇති බව බුද්ධි අංශ උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

ෂෙකෝව අල්ලා ගැනීම සඳහා ISWAP නැමති ආයුධ සන්නද්ධ කල්ලියක් ඔහු වට කළ විට අල්ලා ගැනීම වළක්වා ගැනීම සඳහා බෝම්බයක් පුපුරුවා ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බව ජාත්‍යන්තර වාර්තා පවසයි.

මෙම කුරිරු ත්‍රස්ත නායකයා මීට පෙර කිහිප වතාවක්ම මියගොස් ඇති බවට වාර්තා වී ඇතත්, ඒ සෑම අවස්ථාවකදීම ඔහු ජීවත්වන බව පැවසීමට වීඩියෝ පට නිකුත් කර තිබේ.

ඊසානදිග නයිජීරියාවේ ගැටුම හේතුවෙන් පුද්ගලයින් 40,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර මිලියන දෙකකට අධික පිරිසක් සිය නිවෙස්වලින් පලා ගොස් ඇත.

Related posts

කොවිඩ් එන්නත්වලට සේලයින් මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් හෙදියකට චෝදනා

colombotoday

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.

Admin

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin

ජස්ප්‍රිට් බුම්‍රාගේ ලෝක වාර්තාව

Admin