Colombo Today Local Newsfeatured

නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයි

විදේශීය රටවල සිටින ශ්‍රී ලාංකික පිරිසක් විසින් සංවිධානය කළ ‘විසඳුම’ නම් සංවාද මණ්ඩපයක් සඳහා බොදු බල සේනා සංවිධානයට සහ දැනට බිහිවී සිටින තමන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස හඳුන්වා ගන්නා පිරිසක් සමග සාකච්චාවක් සඳහා ඊයේ (8) දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා වෘත්තිකයන්ගේ සංවිධාන මධ්‍යස්ථානයට (OPASL) ආරාධනා කර තිබෙනවා.

මෙම වැඩසටහන සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි, බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ සහ රොහාන් පල්ලෙවත්ත, රජිව් සෙබස්තියන්, කමල් අද්දරආරච්චි ඇතුළු විකල්ප මතධාරීන් පිරිසක් සහබාගී වී ඇත.

සංවාදය අතරතුර දී බොදු බල සේනා විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා විසින් නාගානන්ද කොඩිතුවක්කු මහතාට චෝදනා ස්වරයෙන් පවසා ඇත්තේ ඥානසාර හිමිට අධිකරණයේ දී අසාධාරණයක් සිදුවූ අවස්ථාවේ දී පවා නාගානන්ද මහතා කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බවයි.

ඊට පිළිතුරු ලබා දෙමින් අදහස් දක්වා ඇති නාගානන්ද මහතා කියා ඇත්තේ තමා නීතියේ ආධිපත්‍ය ගරුකරන අයකු හැටියට නීතිය හමුවේ වැරැදි කළ අයකු වෙනුවෙන් පෙනී සිටීම තමාට කළ නොහැකි කාර්යයක් බවයි.

ඔහුගේ අදහස් දැක්වීම අතරතුර ඊට මැදිහත් වූ ඥානසාර හිමියන් පෙන්වා දී ඇත්තේ තමන්වහන්සේ කිසිවිටෙකත් නීතියට පටහැනි දෙයක් එහි දී සිදු නොකළ බවත්, එහි දී සිදුවූයේ අධිකරණයෙන් අවසර ගෙන රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා සේවය කළ රණවිරුවන් වෙනුවෙන් තමන්වහන්සේ අදහස් ඉදිරිපත් කිරීම පමණක් බවයි.

කෙසේ වෙතත් දිලන්ත විතානගේ මහතා ද පසුව මෙම සංවාදයට මැදිහත් වෙමින් නාගානන්ද මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් තවදුරටත් අදහස් දක්වා තිබේ.

මෙහිදී නාගානන්ද මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ තම ප්‍රතිපත්තවලට එකඟවන්නේනම් ජනාධිපති අපේක්ෂකත්වයට ඥානසාර හිමි ඉදිරිපත් වුවත් ඊට තම සහාය හිමිවන බවයි.‍

Related posts

ඉන්දු – පාකිස්ථාන විරසකය කලාපීය දේශපාලන ස්ථාවරයට ප්‍රබල බලපෑමක් – දයාන් ජයතිලක

colombotoday

දරුවන් බියවද්දමින් හිංසා කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

colombotoday

නඩරාජා රවිරාජ් ඝාතනයට රිමාන්ඩ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ

colombotoday

සතොස සහල් මිල අඩු වෙයි

colombotoday

තැන් තුනකින් පුද්ගල මළසිරුරු 03ක් හමුවෙයි

Admin

“වගා බදු අරමුදලේ කෝටි 600 ක් ආගිය අතක් නෑ“ ගොවිජන සම්මේලනයෙන් රජයට චෝදනා

colombotoday