මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ආයම්පදි, පොන්නුත්තුරෙයි ගුරු වීදියේ ඇති නිවාස දෙකකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය සමත්ව තිබේ.
ඊයේ (07දා) උදෑසන පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ නිවෙස් පරීක්ෂා කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. පෙට්‍රල් බෝම්බ, යතුරු පැදි බැටරි, වයර්, වේලා සඳහන් බෝම්බ, ඔරලෝසු ඇතුළු ද්‍රව්‍ය තොගයක් මෙසේ සොයා ගෙන ඇත.