බොදු බල සේනා සහ සිංහල රාවයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට කුරගල පුරාවිද්‍යා භුමියේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටියි. පසු ගිය වසර කිහිපය තුල මහත් ආන්දෝලනයකට තුඩුදුන් මෙම පුරාවිද්‍යා භුමිය මුස්ලිම් ආක්‍රමණයට ගොදුරුවී ඇති බවට සාක්ෂි සාධක සහිතව එවකට ජාතික හෙළ උරුමය, බොදු බල සේනා සහ සිංහල රාවය වැනි ජාතික සංවිධාන මෙන්ම පුරාවිද්‍යා ගවේෂකයින්ගේ චෝදනාවට ලක්වුනා.
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙහි මෑතකාලීනව ඉදිකර තිබු අනවසර ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් පසුගිය වසරේදී ඉවත්කරනු ලැබුවා.