Colombo Today Local News

ඊයේ ඇවිලී ගිය ගාල්ල ගිංතොටට ඥානසාර හිමි වැඩම කරති.

බොදු බල සේනා නායක රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගාල්ල ගිංතොට ප්‍රදේශයට වැඩම කර තිබෙනවා

ගාල්ල ගිංතොට ප්‍රදේශයේ මුස්ලිම් පිරිසක් විසින් ප්‍රදේශයේ සිංහලයන් ඉලක්ක කර ඊයේ ප්‍රහාරයක් එල්ල කර තිබුනා. එම ප්‍රදේශය ආශ්‍රිතව හට ගත් නොසන්සුන් තත්වය හේතුවෙන් ග්‍රාම සේවා වසම් කිහිපයකට ඊයේ (නොවැ 17) සිට අද උදෑසන 09.00 වන තෙක් පොලිස් ඇඳිරිනීතියද පැනවීමට ආරක්ෂක අංශ කටයුතු කළා.

සිංහල – මුස්ලිම් දෙපිරිසක් අතර බ්‍රහස්පතින්දා සිට පැවති ආරවුලක්, මතුව ඇති නොසන්සුන් තත්ත්වයට හේතු වී ඇතැයි වාර්තා විය. මීට අදාළව පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ තත්ත්වය පාලනය කර ඇති බවය.

ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් 200 සහ විශේෂ කාර්ය සාධක බලකයේ සාමාජිකයන් 100 යොදවා ඇති බව ද පොලිසිය පවසයි.

ගැටුම හේතුවෙන් නිවාස හා වෙළදසැල් කිහිපයකට දැඩි අලාභහානි සිදුවී ඇතැයිද වාර්තා වේ.

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin

ක්‍රිකට් තරගයට පෙර ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න බංග්ලාදේශය අකමැති වෙයි

colombotoday

කොටබෝවේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

Admin

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin

“යුද අපරාධ චෝදනා පරීක්ෂණයට විදෙස් විනිසුරන් නෑ” ජනපති යළිත් අවධාරණය කරයි

colombotoday

ඌව මහ ඇමතිගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව වෛද්‍යවරු වැඩ වර්ජනයක – රෝහලේ නිළ නිවාසයකට පහරදීලා

colombotoday