ජනාධිපති සහ අගමැති සොහොයුරු බැසිල් රාජපක්ෂ අද (8) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අඹේවර්ධන ඉදිරියේ දිවුරුම් දෙන ලදි.
බැසිල් රාජපක්ෂ මහතා 2015 වට පෙර පැවති රාජපක්ෂ රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස කටයුතු කල අතර ඔහු ශ්‍රී ලංකාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසියෙකි. 19 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනය මගින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අවස්ථාව වලක්වා තිබූ අතර 20 වන ආණ්ඩුක්‍රම විවස්තා සංශෝදනය මගින් එම වගන්ති ඉවත් කරන ලදි.