ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කේතගොඩ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (6) භාර දී තිබේ.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව සලසා දීම සඳහා ජයන්ත කේතගොඩ ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.