Colombo Today Local News

ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත් වෙයි

බංග්ලාදේශය සමග විස්සයි විස්ස තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේය.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල නිරතවිය.

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත 20/20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ඊයේ ප්‍රකාශයට පත්කළේය.

20/20 නිත්‍ය නායක වනිඳු හසරංගට තරග දෙකක තරග තහනමක් පැනවීම හේතුවෙන් පළමු තරග දෙක සඳහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි වී ඇත්තේ චරිත් අසලංකටය.

20/20 සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වන්නේ කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, ඩිල්ෂාන් මදුෂංක, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්.

දෙරට අතර පළමු විස්සයි විස්ස තරගය මාර්තු 4 වැනිදා ආරම්භ වීමට නියමිත වේ.

Related posts

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් 22 වන දා සිට

colombotoday

පුද්ගලයෙකු ගැබිණි බිරිඳ ඝාතනය කර පොලිසියට භාර වේ

Admin

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

colombotoday

වරාය නගර පනතට පක්ෂ උන ඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

colombotoday

බණ්ඩාරවෙල තොග පොළ වසා දමයි.

colombotoday

මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිත

colombotoday