Colombo Today Local News

බංග්ලාදේශය ලකුණු 178කට සීමා විය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වැනි දිනය අවසන් වනවිට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 268ක් ලබා සිටියේය.

අද දිනය ආරම්භ කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 102ක් ලබාගෙන සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් රැස් කළේය.

පන්දු යැවීමෙන් හසන් මහමුද් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගත්තේය.

ඒ අනුව තරගයෙන් ජයග්‍රහණය සඳහා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 511කි.

එහෙත් සිව් වන දිනය සඳහා තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 268 යි.

මොනිමුල් හක් ලකුණු 50ක් රැස් කළේය.

ජයග්‍රහණය සඳහා ඔවුන් තවත් ලකුණු 243ක් ලබාගත යුතු ය.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 531ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම රැස්කළේ ලකුණු 178ක් පමණි.

Related posts

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

අර්ථසාධක අරමුදල් නොගෙවන හාම්පුතුන්ගෙන් ඒවා අයකර ගැනිමට පියවර

colombotoday

ගාලුපාරේ ගණිකා නිවාසයක් වටලයි

Admin

සහරාන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබියදී රාජකාරිය පැහැර හැරි කාත්තන්කුඩියේ OIC ගේ සාක්ෂිය

colombotoday

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

හරවා යැවූ IOC බාල තෙල් නැව ත්‍රිකුණාමලයෙන් ගොඩ බෑමේ සූදානමක්.. රටේම වාහන අනතුරේ !

colombotoday