Colombo Today Local News

හාල් ගෙන්නන්න දෙන්නෙත් නෑ – මිල වැඩි කරන්න දෙන්නෙත් නෑ – ඇමති බන්දුල අමාරුවේ වැටෙයි.

සහල් මිල පාලනය කිරීම සඳහා පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජීවන වියදම් කමිටුවේ දී කළ ඉල්ලීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර ඇත.

වෙළෙඳ අමාත්‍යවරයා මීට පෙර අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් කළ මෙම ඉල්ලීමද අමාත්‍ය මණ්ඩලයද ප්‍රතික්ෂේප කර තිබුණි. පොන්නි සම්බා ආනයනය කර ස.තො.ස. ශාඛා මගින් අලෙවි කිරීම අමාත්‍යවරයාගේ අපේක්ෂාව වී තිබේ.

නමුත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ සහල් ආනයනය නොකළ යුතු බවයි. කෙසේ වෙතත් ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ නොදමන ලෙස ජීවන වියදම් කමිටුවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී තිබේ. කිරිපිටි, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ නැංවීමට අධිකාරියේ අනුමැතිය ලැබිය යුතුය.

Related posts

කාංචන කොමිස් ගහන කතාවක් මම කිවුවේ නෑ

Admin

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday

මිනුවන්ගොඩ පොලිසියේ සියලු නිලධාරීන් නිරෝධායනයට

colombotoday

භූමිතෙල් සහනාධාරයෙන් රජයට දෛනිකව ලක්ෂ 57ක පාඩුවක් !

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

colombotoday