Colombo Today Local News

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

සෙවණගල සීනි කර්මාන්ත ශාලාව යළි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතට පත් කරන ලෙස එහි සේවකයෝ රජයෙන් ඉල්ලීමක් කරති.

ඉකුත් 2015 වසරේදී පාඩු ලබමින් පැවැති කර්මාන්ත ශාලාව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා යටතට පත් කිරීමෙන් අනතුරුව යළි ලාභ ලබන තත්ත්වයට නඟා සිටුවීමට හැකියාව ලැබුණ බව සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති ලලිත් ශ්‍රීපාල් මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසීය.

ඒ අනුව ඉකුත් කාලය තුළ මෙම කර්මාන්තශාලාව රුපියල් මිලියන 691ක් පමණ ලාභයක් ලැබූ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

සෙවණගල සමාගම සතුව ඉකුත් 2015 දී තිබූ රුපියල් මිලියන 732 මුදලකට වුණ දෙයක් කිසිවකු නොදන්නා බවත්, එකල රුපියල් 87 ට තිබූ සීනි තොග මිල රුපියල් 62.50ට දීමෙන් සමාගම පාඩු ලැබූ බවත්, ලලිත් ශ්‍රීපාල් මහතා පෙන්වා දුන්නේය.

Related posts

භූගත බංකර ඉදිකිරීමේ සැළසුමක්…. ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ තවත් පුහුණු කදවුරක් සොයාගනී…

colombotoday

ඓතිහාසික ජේතවන පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය ඩෝසර් වෙයි

colombotoday

පැනමා රහස්‍ය ලිපිගොණු වලට රාජපක්ෂලාත් ගෑවී ඇත්දැයි ආණ්ඩුව හොයයි

colombotoday

රනිල් වගඋත්තරකරුවෙකු කරයි

Admin

රෝගී ගවයින් එන්නත්කරණය අරඹයි..

Admin

හිටපු කොටි 110ක් නිදහස් කිරීමට වාසුගෙන් කැබිනට් පත්‍රිකාවක්….

colombotoday