Colombo Today Local Newsfeatured

නීතිපති දෙපාර්තමේන්තුව කනිෂ්ඨ නීතිඥවරකුට තර්ජනය කරලා.

කෝලිත ධර්මවර්ධන ජේෂ්ඨ නීතිඥවරයා විසින් නීතිපති ජයන්ත ජයසූරිය වෙත් ලිපියක් යොමු කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ අධි නීතිඥයින් චන්දන පෙරේරා යන තම කනිෂ්ඨ නීතිඥවරයාට තර්ජනය කර ඇති බව පැමිණිලි කර ඇති බව සිංහල රාවය මහ ලේකම් මගල්කන්දේ සුදත්ත හිමි මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර සිටිනවා.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අක්‍රමවත් ක්‍රියාකලාපය සහ බලපෑම නිසා ඥානසාර හිමි දේශපාලන සිරකරුවෙක් බවට පත්වූ බවද ඒ හිමියෝ මෙහිදී සඳහන් කර සිටියහ.

මේ සිදුකල අසාධාරණය ජනතා අධිකරණය ඉදිරියට රැගෙන ගොස් ඥානසාර හිමි බේරාගන්නවා පමණක් නොව පොලිසියටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් යහපාලනය කියන්නේ මොකද්ද කියලා කියා දීමටත් ක්‍රියා කරන බව බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරී කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් කෝලිත ධර්මවර්ධන නීතිඥවරයාද නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ නිතිය ක්‍රියාත්මක වීම පිළිබඳව වගේම තම කනිෂ්ඨ නීතිඥවරයාගේ ආරක්ෂාව පිළිබඳවද බියක් තිබෙන බව නීතිපතිවරයාට පැමිණිලි කිරීමට තරම් වාතාවරණයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් විතානගේ මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය හේතුවෙන් “අද අපිට බයෙන් ජිවත් වෙලා ඉන්න සිද්ද වෙලා තියෙන්නේ.” යැයි පැවසීය.

“අපි සාධාරණය ඉල්ලලා සටන් කරන විට පොලීසියටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් පුළුවන්වෙලා තිබෙනවා අල්ලලා හිරේ දාන්න. ඒක තමයි ඥානසාර හිමි අධිකරණයේදී පැවසුවේ.” යැයි දිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එම ලිපිය

Related posts

‘ජෙමිනොයිඩ්’ උල්කා වර්ෂාව අදත්

colombotoday

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

ඉඩම් ඔප්පු ලියාපදිංචිය Online ක්‍රමයට

Admin

රජයේ යෝජනාවලට එකග නෑ.. GMOA නැවතත් රතු එළි දල්වයි !

colombotoday

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday