Colombo Today Local Newsfeatured

සිංහලයෙක් සමග විවාහවූ අටළුගම ෆාතුමාට තර්ජනය කල ඉමිතියාස් වෙනුවෙන් අජිත් පී පෙරේරා අධිකරණයට

සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතුමා හයිෆා මහත්මියගේ මවට සහ ස්වාමියාට පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙස තර්ජනය කර බලපෑම් කල එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මංත්‍රී මොහොමඩ් ඉමිතියාස් නොහොත් ඉමිතියාස් හාජ්ජියාර් 2015 අංක 4 දරන සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ 2019 වසරේ ජූලි 11 සිට දැනට වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර එම නඩුව අද (31) දින පානදුර මහාධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී සැකකාර මොහොමඩ් ඉමිතියාස් වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අපේක්ෂක නීතිඥ අජිත් පී පෙරේරා අධිකරණයේ පෙනී සිටීම විශේෂත්වයක් විය. මෙහිදී අජිත් පි පෙරේරා කරුණු දක්වමින් වරද පිළිගෙන, අගතියට පත් පාර්ශවයට වන්දියක් ගෙවා, සමාව ගැනීමට තම පාර්ශවය කැමති බව අධිකරණයට දන්වා සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටි අතර මෙම නඩුව අගෝස්තු 18 වනදා යලි කැඳවීමට නියෝගකළ මහෙස්‌ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශවය එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කර සිටියා.

මෙම සැකකරුවන්ට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පි පෙරේරාගේ අනුහසින් බණ්ඩාරගම පොලිසිය හරි හැටි නීතිය ක්‍රියාත්මක නොකරන බවට ද 2019 වසරේදී චෝදනා එල්ල විය. බණ්ඩාරගම පොලීසියේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය හේතුවෙන් පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සිද්ධියේ පරීක්ෂණ මිරිහාන විශේෂ විමර්ශන ඒකකයට මාරුකිරීමට පවා නියෝග කරන ලදි.

තර්ජනය කිරීම

2019 ජූලි මස 1 වනදා පැමිණිලිකාරිය වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මියගේ මව රාජකාරි කටයුත්තක් සඳහා ග්‍රාම නිලධාරිවරයා මුණ ගැසීම සඳහා ගිය අවස්ථාවේදී මෙලෙස එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන මොහමඩ් ඉමිතියාස් නැමැත්තා තර්ජනය කළ බවට සහ ඊට දින කිහිපයකට පසු 2019 ජූලි 3 වන දින මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පැමිණිලිකාරියගේ නිවසට පැමිණි අවස්ථාවේදී යලිත් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පැමිණිලිකාරියගේ ස්වාමි පුරුෂයාට පහර දීමට උත්සහ කළ බවට 2019 ජුලි 4 වනදා අධිකරණයට කරුණු වාර්තා විය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන ඉමිතියාස් නැමැත්තා මෙම සිද්ධියට අදාළව කණ්ඩායමක් මෙහෙයවා ඇති බව අධිකරණයට හැගී යන බවත් වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් නියෝග කර සිටියා.

Related posts

ස්ටාලින් නැවත පොලිසියට කැදවයි

colombotoday

මුදල් සංශෝධන පනත් කෙටුම්පත ගැන සුනිල් හදුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

colombotoday

ඉතාලි නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා නාවික හමුදාව මුදවා ගනියි.

colombotoday

සජිත්ගේ ප්‍රශ්නයට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු පිරිස ගැන පරීක්ෂණයක්

Admin

“වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි.. සිංහලයන් හිටියෙ නෑ“ විග්නේෂ්වරන්

colombotoday