Colombo Today Local News

කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත “ඩෙල්ටා” මර්දනයට සුදුසුයි

කොවිඩ් මර්දනය සඳහා යොදාගනු ලබන කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට තුළින් හඳුනාගත් “ඩෙල්ටා” ප්‍රභේදය මර්දනය කිරීම 95%කින් සාර්ථක තහවුරු වී ඇති බව ජාතික පර්යේෂණ සභාව පවසයි.

එම සභාවේ සභාපති මහාචාර්ය වෛද්‍ය හේමන්ත දොඩම්පහළ මහතා ප්‍රකාශ කළේ මාස 4ක කාලයක් පමණ කාලයක සිට සිදු කළ සායනික පරීක්ෂණයකින් අනතුරුව මේ බව තහවුරු වූ බවයි.

එම පරීක්ෂණය සඳහා කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පළමු මෙන්ම දෙවැනි මාත්‍රාවන්ද යොදාගෙන ඇති අතර එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනක් සිදු කර කොවිඩ් වැළඳීම පාලනය කරන බව මහාචාර්ය දොඩම්පහළ මහතා පවසයි.

මෙම කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත්කිරිමෙන් මාස 2කට පසුව ශරීරයේ ප්‍රතිදෙහයන් වර්ධනය වන බව අදාළ පරීක්ෂණයේදී හඳුනාගෙන තිබේ.

එබැවින් කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරට ජනතාවට ලබා දීම ඉතාමත් සුදුසු බව ඔහු පවසයි.

මෙම පරීක්ෂණය සඳහා ජාතික පර්යේෂණ සභාවේ,කොළඹ ජාතික රෝහලේ,දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය වරු ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

එහෙත් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුත්නික් වී, ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වර්ග තවදුරටත් පර්යේෂණ මට්ටමේ පවතින බව ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය වෛද්‍ය හේමන්ත දොඩම්පහළ මහතා ප්‍රකාශ කළේ.

ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එන්නත් හිඟයක් හේතුවෙන් ආනයනය අත්හිටුවා ඇති අතර
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ ජපානය විසින් ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 1.47ක් ලබා දී තිබේ.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

සමන්කුලම බෞද්ධ සිද්ධස්‌ථානය ටී.එන්.ඒ. පිරිසක්‌ ආක්‍රමණය කරලා

colombotoday

තත්වය පාලනයට තරුණ නීතිඥවරුන්ගේ සංගමයෙන් යෝජනා 6 ක්

colombotoday

දැන් සතුටුද කියා මගෙන් අහනවා… නෑ මම සතුටු නෑ – ප්‍රතිසංවිධානය ගැන සජිත් කියයි

colombotoday

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

colombotoday

කොටි ඩයස්පෝරාව ස්විස්ටලන්තයේදී තමිල් චෙල්වම් සහ ඇන්ටන් බාලසිංහම්ව සමරයි.

colombotoday