Colombo Today Local News

පාස්කු දා ප‍්‍රහාරයේ පරීක්‍ෂණ: එස්එස්පී සංජීවගේ තරුවක් ගලවයි

පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්‍ෂණවලට අදාළව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ තරුවක් ඉවත් කිරීමට පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

මේ අනුව සංජීව බණ්ඩාර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ සිට පොලිස් අධිකාරි ධුරය දක්වා පහතට හෙළා ඇත.

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය දිනය වනවිට සංජීව බණ්ඩාර මහතා කොළඹ දකුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස රාජකාරි කරමින් සිටි අතර පාස්කු දා ප‍්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඉහළින් ලැබුණු වාර්තා පහළ නිලධාරීන්ට ලබා නොදීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ පාස්කු දා ප‍්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම සිදුකරගෙන යන විමර්ශනයකට යටත්ව සංජීව බණ්ඩාර මහතාගේ නිලය පහත හෙළීමක් කර ඇති බවයි.

Related posts

ඛනිජ තෙල් වර්ජනය තව දුරටත්.. රට පුරා තෙල් හිගයක්.. තෙල් නැතිව දිග පෝලිම් !

colombotoday

හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ඉන්ධන නැවක් ආපහු හැරී යයි

Admin

දිනේෂ්ගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්.. සභාව කල්තැබේ

colombotoday

හින්දු කෝවිල්වල බිලි පූජා තහනම්.. විශේෂ පනත කැබිනට් අනුමැතියට

colombotoday

විපක්ෂ නායකධූරය රනිල්ට

colombotoday