Colombo Today Sports News

ඉන්දියාව පකිස්ථානයට යන්න බෑ කියයි. l ප්‍රථමවරට ආසියානු කුසලානය හයිබ්‍රිඩ් ක්‍රමයට. තරඟ 9ක් ශ්‍රී ලංකාවේදී

2023 ආසියානු කුසලානය පැවැත්වෙන දින සහ ස්ථාන මේ වන විට නිල වශයෙන් තහවුරු කර ඇති අතර, තරඟාවලිය අගෝස්තු 31 සිට සැප්තැම්බර් 17 දක්වා පකිස්ථානයේ දී සහ ශ්‍රී ලංකාවේ දී හයිබ්‍රිඩ් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරඟාවලිය මුලුමනින්ම පකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියානු කණ්ඩායම පකිස්ථානයට නොයවන බව එරට ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමුහුන් ආකෘතියට තරඟ පැවැත්වීමට යෝජනා විය. ඒ අනුව තරඟ 13 න් හතරක් පකිස්ථානයේදී සහ ඉතිරි නවය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය අනුමත කරන ලදි.

2008 වසරෙන් පසු පකිස්ථානයේ කණ්ඩායම් කිහිපයක සහබාගීත්වයෙන් තරඟාවලියක තරඟ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

2022 ආසියානු කුසලානය පන්දුවාර 20 ආකෘතියෙන් පැවැත්වූ අතර ශ්‍රී ලංකාව වත්මන් ශූරයන් වේ. අවසන් පන්දුවාර 50 ආසියානු කුසලානය 2018 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වුණු අතර එහිදී ඉන්දියාව විසින් බංග්ලාදේශය පරාජය කරන ලදී.

Related posts

දකුණු අප්‍රිකාව සහ ඉන්දියා තරගයේ විශේෂ අවස්තා මෙතනින්..

colombotoday

ශ්‍රී ලංකාව අසීරු අඩියක…

colombotoday

එංගලන්ත ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්!

Admin

ඉතාලියේදී යුපුන් අබේකෝන් ට සුපිරි ජයක්

Admin

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් ආසන්නයට

colombotoday

පළමු T20 තරගයෙන් එංගලන්තයට කඩුලු 08ක ජයක්

colombotoday