Colombo Today Local News

අශෝක් ස්ටීල් කර්මාන්ත ශාලාවේ 194 දෙනෙකුට කොරෝනා. – ඉන්දියානුවන් 90 කුත් ඒ අතර.

වත්තල හේකිත්ත ප්‍රදේශයේ මහපරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන අශෝක් ස්ටීල් හී සේවකයන් 128 දෙනෙකු කොවිඩ් වැලඳී ඇත. පෙරේදා (19 වැනිදා) එම කම්හලේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකින් තහවුරු වූ බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර පැවසීය.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයන් 194 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණය සඳහා යොමු කර ඇත.

හඳුනා ගෙන ඇති කොරෝනා ආසදිතයන් අතරින් පුද්ගලයන් අනූ දෙදෙනකු මෙම කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කරයි.

මේ වන විට අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති අතර හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති බවත් කම්හලේ ඉතිරි සේවකයන් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට යොමු කොට ඇති බවත් වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඉන්දියාවේ සුප්‍රසිද්ධ අශෝක් ස්ටීල් සමාගමට අනුබද්ධිතව දිගු කලෙක සිට වත්තල හේකිත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන යන මෙම යකඩ කර්මාන්ත ශාලාවේ සේවකයන් අතරින් බහුතරයක් ඉන්දියන් ජාතිකයන් බව පැවසේ.

Related posts

අන්තර් කන්නයේ මුං වගාවට මූල්‍ය සහනාධාරයක්

colombotoday

කරාපිටිය රෝහලෙත් සැත්කම් නවතයි

colombotoday

“ආණ්ඩුවක් හම්බවුණේ අවු 19කින්.. අපේ සමහරු එක දිගට හොරකම් කරන්න ගත්තා” – රන්ජන්

colombotoday

තත්වය හොද නෑ.. කොරෝනා මරණ ගණන ඉහළ යා හැකි..

colombotoday

“රට වටේ ඇති නිල නිවාස ප්‍රයෝජනයට ගන්නේ ගජ මිත්‍රයන්. ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ”

colombotoday

රටම හෙල්ලූ සුගන්ධිකා පොලිසියෙන් අල්ලයි

colombotoday