Colombo Today Local Newsextremism & terrorism activitiesfeatured

ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන මුස්ලිම් පුද්ගලයන් ආදාහනය කිරීමෙන් පසු ඉස්ලාමීය චාරිත්‍ර වාරිත්‍රවලට අනුව, මුස්ලිම් සොහොන් බිමක මියගිය පුද්ගලයාගේ අළු භූමිදානය කළ හැකි බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර සිටිනාව.

වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කෝවිඩ් -19 වෛරසයෙන් මිය යන පුද්ගලයන්ගේ ආදාහනය අනිවාර්ය කිරීම සඳහා රජය නිරෝධායන හා රෝග නිවාරණ ආඥ්ඥා පනත (222 වන පරිච්ඡේදය) සංශෝධනය කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදි.

දේහය සෙල්සියස් අංශක 800 ත් 1200 ත් අතර උෂ්ණත්වයකදී අවම වශයෙන් මිනිත්තු 45 සිට පැයක් දක්වා පුළුස්සා දැමිය යුතු බව නව ගැසට් පත්‍රයේ සඳහන් වේ.

ආදාහනය සිදු කළ යුත්තේ සුසාන භූමියක හෝ බලධාරීන් විසින් අනුමත කරන ලද ස්ථානයක බව ඇය පැවසුවාය. දේහයේ අළු ඉල්ලීම පරිදි මියගිය අයගේ ඥාතීන්ට භාර දිය හැකිය.

මෙම ආදාහනය සම්බන්ධයෙන් මුස්ලිම්වරුන් කලබල විය යුතු නැති බව මුෆ්ති පැවසීය. “ආදාහනය පිළිබඳ සංකල්පය ඔවුන් කාරුණිකව පිළිගත යුතු අතර, ආදාහනයෙන් පසුව, අළු සම්පුර්ණයෙන්ම අපේ සොහොන් බිමෙහි භූමදාන කළ හැකිය,” යනුවෙන් සඳහන් කළ ඔහු, ආදාහනය සඳහා ගෙනෙන ලද නව නිතිය මුස්ලිම්වරුන් අනුගමනය කිරීම සුදුසු යැයි පැවසීය.

colombo times

Related posts

දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වෙති

colombotoday

බෝනස් ඕනෙමයි

Admin

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

colombotoday

ආසිරි රෝහල් සමූහයේ පෙරහුරු ඡන්දයක්… 72% ප්‍රතිශතයකින් ගෝඨාභයට විශිෂ්ඨ ජයක් !

colombotoday

“ඉදිරි මාස දෙක තුළ ඩොලර් බිලියන පහක්වත් නොලැබුණොත් රට ගෙනියන්න බෑ”

colombotoday

“ගිය ආණ්ඩුවට චෝදනා කරනව හැරෙන්නේ මේ ආණ්ඩුව කිසි දෙයක් කරල නෑ.. මාත් කලකිරිල ඉන්නේ” – ඇමති යාපා

colombotoday