Colombo Today Local News

අසේල සම්පත් අද අධිකරණයට. “මල්ලිට පහර දුන්නා” දියණිය කියයි. “නොමිලේම නීතිඥ සහය දෙනවා” විපක්ෂ නායක කියයි.

අත්අඩංගුවට ගත් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ අසේල සම්පත් අද (26) දින අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩ බලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාසඳහන් කර සිටියි.

ශ්‍රී ලංකාවට ගෙන්වන ලද ඇස්ට්‍රා සේනිකා එන්නත බාල කර ජනතාවට ලබා දීමේ උත්සහයක් තිබෙන බවට අසේල සම්පත් විසින් සිදුකල ප්‍රකාශයකට අනුව එන්නත්කරණයට සහ නිරෝධායනයට බාදාවක් සිදුවන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාන්‍යධිකාරී වරයා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (25) පිළියන්දල ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.

නිරෝධායනය සහ රෝග වැළක්වීමේ පනතේ සහ දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අජිත් රෝහණ මහතා පැවසීය.

“මල්ලිට පහර දුන්නා” දියණිය කියයි.

මේ අතර ඊයේ අසේල සම්පත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සිය සොහොයුරාට පොලීසිය පහර දුන් බව අසේල සම්පත් මහතාගේ දියණිය මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකල අතර ඒ පිළිබඳව තමන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කල බවත් සඳහන් කරන ලදි.

“නොමිලේම නීතිඥ සහය දෙනවා” විපක්ෂ නායක.

සමාජ සහ සිවිල් ක්‍රියාකාරිකයෙකු වන අසේල සම්පත් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙන බවත් දැන් පැවසෙන්නේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ අයිතිවාසිකම් ආරක්ෂා කර සුරක්ෂිත කිරීමට තමන් කැපවෙන බවත් ඔහු වෙනුවෙන් සමගි ජන බලවේගය නොමිලේම නීතිමය සහය ලබා දෙන බවත් මෙම සිද්ධිය පිළිබඳව Facebook සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.

Related posts

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

colombotoday

විපක්ෂ නායකකම අයිති අපටයි.. ඒකාබද්ධයට දෙන්නෑ – දෙමළ සන්ධානය

colombotoday

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

colombotoday

මන්ත්‍රී අසංක නවරත්න දුරකථනය ට පනී

Admin

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල තවදුරටත් අඩු කරයි

Admin

අනාථ අපට රජයෙන් සහන නෑ.. අරණායක අවතැන්වූවෝ ඇමති දෙදෙනෙක් වටකරගෙන උද්ඝෝෂණයේ !

colombotoday