Colombo Today Local News

තරුණයෙක්ගේ ගිණුමට රුපියල් මිලියන 136ක් | මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රත්මලාන ප්‍රදේශයේ තරුණයෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්මලාන, ධර්මාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ සැකකරු විසින් බැංකුවක පවත්වාගෙන යනු ලබන ගිණුමකට රුපියල් මිලියන 136ක මුදලක් ලැබී ඇති අතර, ඒ අනුව වැඩිදුර විමර්ශන සිදුකර තිබේ.

එහිදී මෙරටින් පළා ගොස් සිටින අපරාධකරුවෙකු ලෙස සැලකෙන ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එම මුදල් අදාළ සැකකරු වෙත එවා ඇතැයි තහවුරු වී ඇත.

මීට මාස කිහිපයකට පෙර යම් පුද්ගලයෙකුගේ ගිණුමට රුපියල් කෝටි 49ක මුදලක් ධර්මසිරි පෙරේරා නැමැත්තා විසින් එවා තිබු අතර, එම පුද්ගලයා ද මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම මුදලින් රුපියල් මිලියන 136ක මුදලක් ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ගිණුමට බැර වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අද (08) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

ෆාතිමා බණ්ඩාරගම පොලීසියට කළ පැමිණිල්ල ගැන විමර්ශන අරඹයි

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් අනතුරේ වන්දි ඩොලර් වලින් ලබා ගන්න කැබිනට් අනුමැතිය

Admin

ආනයනික සහල් ඇතුළු ආහාර වර්ගවල බැර ලෝහ ඇත්දැයි සොයා පරීක්ෂාවක්

colombotoday

ලඟදි විවාහ වෙන්නද ඉන්නේ? විවාහ උත්සව සඳහා බලපාන නවතම නීති මෙන්න

colombotoday

මාලබේ බොබ් මාලි අල්ලයි

colombotoday