Colombo Today Local Newsfeatured

බොදු බලේ තහනම් කිරීම අනවශ්‍යයි. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. | කොමිසමේ නිර්දේශයට කාදිනල් තුමාත් එරෙහි වෙයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් බොදු බල සේනා සංවිධානය තහනම් කිරීම සම්බන්දයෙන් සිදු කර ඇති නිර්දේශ පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමා ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වනු ලැබුවා.

අපිට අවශ්‍ය මෙම ම්ලේච ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් සහ ඊට අනුබල දුන්න පුද්ගලයින් අනාවරණය කර ගැනීම මිස ජාතික බෞද්ධ සංවිධාන තහනම් කිරීම නොවන බවයි.

එවැනි නිර්දේශ නිසා පාස්කු ප්‍රහාරයේ සැබෑ කතුවරු සොයා යාමේ උත්සාහය යම් ලෙසකින් වෙනත් මගකට යොමු කරනු ලබන බව තමන්ගේ හැගීම බවත් ප්‍රහාරය සිදුවූ පළමු දවසේ සිටම ඉල්ලා සිටියේ මේ ප්‍රහාරයේ මහ මොළකරුවන් සහ ප්‍රහාරය පිළිබඳව දැන දැනත් ඒ ගැන කිසිත් නොකර සිය වගකීම් බරපතල ලෙස පැහැර හැරී පුද්ගලයින් සොයා නීතිය ඉදිරියට ගෙන ඒමට අප්‍රමාදව කටයුතු කරන ලෙස බවත් එතුමා අවධාරණය කර සිටියේය.

ඊට අදාළ කටයුතුවල යෙදෙන්නේ නැතුව සමාජය තුල නැති ප්‍රශ්න ඇති කිරීමට තුඩු දෙන කටයුතුවලට සිත යොමු කරන්න එපා යෑයි සියලු දෙනාගෙන් ඉතා ඔනෑ කමින් ඉල්ලා සිටින බවත් කාදිනල් තුමා පැවසීය.

පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී කිතුනු ජනතාව සමග එකට සිටගත් අය අතර ප්‍රමුකත්වයේ සිටියේ බොදුනුවන් බවත් භික්ෂුන් වහන්සේලාගෙන් ලැබෙන සහයෝගය මහත් ශක්තියක් බව ස්තුති පුර්වකව සඳහන් කිරීමට කැමති බවත් අගරදගුරු තුමා සඳහන් කරන ලදි.

Related posts

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ..“ මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන්ට කියයි

colombotoday

රාජපක්ෂ ඇටේ ගැන ෆොන්සේකා කියයි

colombotoday

රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණවල හිඟයක් නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

colombotoday

50ට අඩුනම් මෙන්න අවස්ථාවක්

Admin

අත්අඩංගුවට ගත් ෂෙහාන් මාලකට ඇප

colombotoday

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

colombotoday