Colombo Today Local News

රතන හිමිට මන්ත්‍රීධුරය දෙන්න ඥානසාර හිමි සල්ලි ගත්තායැයි අසත්‍ය චෝදනා නැගීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

අපේ ජන බල පක්ෂයට ලැබුන මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමිට ලබා දීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් ලක්ෂ 300 ක මුදලක් ලබා ගත් බවට එම පක්ෂයේ හිටපු ලේකම් වන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමි විසින් ප්‍රකාශයක් සිදුකරන හඬ පටයක් පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ත්‍රයිනිකායික භික්ෂූ එකමුතුව වෙනුවෙන් පුජ්‍ය පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර සිටියා.

මන්ත්‍රීධූරයක් යනු මුදලට ලබා දිය නොහැකි ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන තනතුරක් බවත් මෙවැනි ප්‍රකාශ තුලින් එම බලය හෑල්ලුවට ලක්වනවා මෙන්ම එය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පෞද්ගලිකව සිදුකර ඇති අගතිදායක ක්‍රියාවක් බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ පිළිබඳව පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන පරීක්ෂණයක් පවත්වා ජනතා පරමාධිපත්ති බලය ජනතාව ඉදිරියේ හෑල්ලු වීම වලක්වන ලෙස පැමිණිල්ල මගින් පඥ්ඥාජෝති හිමියෝ ඉල්ලා සිටිති.

Related posts

චක්‍රලේඛවලට පිටින් සෞඛ්‍ය ඇමැතිට නියෝජ්‍ය ඇමැතිට වාහන සහ ඉන්ධන දීලා… ගණනය කළ නොහැකි පාඩුවක් !

colombotoday

වාහන දෙකක් හප්පා දියවන්නාවට පැන්න සැප රියේ හිමිකරුට අධිකරණය අද දුන් දඩුවම…

colombotoday

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

ජාපාලවත්තේදී STF පාතාලය ගැටෙයි – දෙකක් මරුට

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට පිටවීමට ඉඩ නොදෙනු. ජාත්‍යන්තර කොටි එක්සත් රාජධානියෙන් ඉල්ලයි

colombotoday