Colombo Today Local News

රිෂාඩ් බදුර්දීන් සඟවාගෙන නොසිටි බව ජවිපෙ නායකයා කියයි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සඟවාගෙන සිටි බවට ජනතා විමුක්ති පෙරමුණ අලලා ආණ්ඩුවේ හිතවාදීන් විසින් පළ කරන ප්‍රවෘත්තිවලට එරෙහිව ජවිපෙ නාගරික මන්ත්‍රී තුවාන් අයුබ් මොහොමඩ් විසින් පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක Facebook සටහනක් යොදමින් සඳහන් කර සිටිනවා.

දිනෙන් දිනම තම නොහැකියාව මත ආසාර්ථක වෙමින් යන ආණ්ඩුවේ බංකළොත් දේශපාලනය වසා ගැනීමට ආණ්ඩු හිතවාදීන් ලව්වා බොරු ප්‍රචාර දියත් කිරීම දැන් දැන් ආණ්ඩුවේ උපක්‍රමය බවට පත්ව තිබෙන බවත් තම නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව විසින් සිදුකරන මෙවැනි බංකළොත් ක්‍රියා හෙළා දකින ලෙසට සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ..

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සඟවාගෙන සිටි බවට ජවිපෙ අලලා ආණ්ඩුවේ හිතවාදීන් විසින් පළ කරන ප්‍රවෘත්තිවලට එරෙහිව ජවිපෙ…

Posted by Anura Kumara Dissanayake on Monday, October 19, 2020

Related posts

තැපැල් සේවාවේ වාර්ෂික පාඩුව බිලියන 6ක්

colombotoday

අල්ලස් ගෙන රැඳවියෙකුට දුරකථන දුන් ජේලර් මාට්ටු

colombotoday

සීමා නිර්ණ වාර්තාව ඇමති මුස්තාපා ප්‍රතික්ෂේප කරයි

colombotoday

ලංවිම කෝටි 20000ක ණය උගුලක

colombotoday

ජනපති ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන් සිහි කැදවයි…

colombotoday

ඥානසාර හාමුදුරුවෝ එළියට එනවට සමහර හාමුදුරුවරුත් කැමති නෑ එයාලගේ මාකට් එක බහී කියලා කොටුවෙ හාමුදුරුවෝ කියති

colombotoday