Colombo Today Local News

ජනපති, ඇමති කුට්ටම අද අනයි.. ඔලුගෙඩි මාරුවෙන්නේ මෙහෙමයි !

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද ඉරිදා උදේ 11.00ට සිදුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. සන්ධාන ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාද ඒ පිළිබදව ඊයේ මාධ්‍ය හමුවේ තහවුරු කර සිටියේය.

එහිදී අමාත්‍ය ධුර රැසක් මෙන්ම අමාත්‍යාංශ විෂය පථයන්ද වෙනස්වීමට නියමිතය.

කතා බහට ලක්වූ නීතිය හා සාමය පිළිබදව අමාත්‍යා ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා නොදීමට තීරණය කර ඇති බවද සදහන් වේ. ඒ ඔහු එම අමාථ්‍යාංශය ලැබුණොත් හිතුවක්කාරි ලෙස කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ස්වාමීන් වහන්සේලා ඇතුළු පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයා වෙත කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය.

මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාගේ අමාත්‍යධුර එකිනෙක හුවමාරු කිරීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා දැරූ කෘෂිකර්ම අමාත්‍යධුරය වෙනත් අයෙකුට පැවරීමටත් නියමිත බව වාර්තා වේ.

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පැවසුවේ එස්.බී දිසානායක, විජිත් විජයමුණි සොයිසා, දයාසිරි ජයසේකර, හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ධුරයන්ද වෙනස්වීමට නියමිත අතර තිලක් මාරපන මහතා දරණ විදේශ කටයුතු අමාත්‍යධුරයත්, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දරණ වනජීවී අමාත්‍යධුරයත් වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරෙනු ඇති බව සදහන් වේ.

අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් සඳහා කැබිනට් නොවන අමාත්‍යධුර පිරිනැමෙනු ඇත.

මංගල සමරවීර, රාජිත සේනාරත්න, චම්පික රණවක යන අමාත්‍යවරුන් දරණ අමාත්‍යංශ කිසිඳු වෙනස්වීමකට ලක් නොවන බවද පැවසේ.

Related posts

සිමෙන්ති සංස්ථාවට ඛනිජ තෙල් තොග ගබඩාවෙන් කෝටි 168ක පොල්ලක්

colombotoday

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday

වත්තල හේකිත්ත කතෝලික දේවස්ථානය අසළ සිටි සැකකටයුතු මුස්ලිම් ජාතික යුවලක් අත්අඩංගුවට

colombotoday

අමිත ගමගේට නව තනතුරක්

colombotoday

පළමු ශ්‍රේණියේ පාසල් නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කෙරේ

colombotoday

අපි පුච්චපු ආප්පයෙන් වැඩක් වුණේ නෑ – හිටපු අගමැති රනිල්

colombotoday