Colombo Today Local News

ඇමරිකානු GSP බදු සහනය 22 වැනිදා සිට ක්‍රියාත්මකයි

ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වැනිදා සිට මෙරටට ලබාදෙන බවට එරට රජය දැනුම්දී ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ හරහා මෙරට අපනයනකරුවන්ට සිය නිෂ්පාදන තීරු බදු සහන සහිතව එරටට යැවීමේ අවස්ථාව යළි හිමිවන බවද අමාත්‍ය රිෂාද් බදියුදීන් සහන් කළේය.

මේ වන විට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතිලාභී රටවල් 120 ක් සඳහා ජී.එස්.පී  බදු සහනය ලබා දීමට අවසර ලබා දී තිබෙන අතර මෙම දියුණු වෙමින් පවතින රටවල් 120 ක නිෂ්පාදන 5000 ක පමණ ප්‍රමාණයකට, මෙම බදු සහනය අපනයනයේදී හිමිවන බවත් මෙම බදු සහනය යළිත් වරක් මේ අප්‍රෙල් 22 සිට ක්‍රියාත්මක කෙරෙන බවට දැනුවත් කොට ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම්වලින් සියයට 70 ත් 75 ත් අතර ප්‍රමාණයක් මේවනවිට  අපනයනය කරනු ලබන්නේ ඇමරිකාවට වන අතර, පසුගිය වසරේදී එරටට සිදුකළ මුළු අපනයන ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2.9 සිට ඇමෙරිකන් ඩොලර් බිලියන  3 දක්වා ඉහළ ගොස් ඇති බව ද කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව 22 වැනිදා සිට යළිත් වරක් අමෙරිකානු GSPබදු සහනය ශ්‍රී ලංකීය අපනයනකරුවන්ට විවෘත වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කීය.

Related posts

සුමිත් ප්‍රසන්න ඝාතන චෝදනාවට ලක්වූ ඇඹිලිපිටියේ ASP නැවතත් සේවයට

colombotoday

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday

එදා රතුපස්වල කදුළු විකුණන් කෑ ජවිපෙ අද තඹුත්තේගම ගොවීන්ට පහරදීම ගැන නිහඩයි !

colombotoday

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

මේ කෙණෙහිළිකම් ඉවසනවාට අපේ රණවිරුවන්ට නොබෙල් තෑග්ග දෙන්න වටිනවා – හිටපු හමුදාපති

colombotoday